වසා දැමූ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය නැවත විවෘත වේ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): මෙතෙක් නායයාමක් හේතුවෙන් දින 7ක පමණ කාලයක් වසා තිබූ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය ගමනා ගමනය සඳහා අද (16) දහවල්, විවෘත කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා කියා සිටී.

පසුගිය දා බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය හතේ කණුව ප්‍රදේශයෙන් ඉකුත් 9 වනදා සිදුවූ නායයාමක් නිසා දින 7 ක පමණ කාලයක් අවහිරව ගමනා ගමනය නතරවී තිබිණි.

අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මාර්ගය වැසෙන සේ කඩාවැටී තිබූ පස් ගල් හා ගස් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කර , ගිලාබැසීම් හා කඩතොළු වූ ස්ථාන පිළිසකර කිරීමෙන් පසු එම ස්ථානයෙන් ගමන් කිරීමට සුදුසු තත්ත්වයක තිබේදැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් විසින් පරීක්ෂා කළබවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...