*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය සේවය බෙදන්න එපා.වහාම සාධාරණය ඉටු කරන්න – සමස්ත ලංකා හෙද සංගමයෙන් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:සෞඛ්‍ය සේවය තුළ මතුව තිබෙන දීමනා සම්බන්ධ ප්‍රශ්නය වහාම විසඳන ලෙස බලකරමින් අද (16) වැඩවර්ජනය සමඟ එක්ව සිටින සමස්ත ලංකා හෙද සංගමය විසින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

සෞඛ්‍ය සේවය තුළ වෘත්තීය බෙදීමක් සහ ඝට්ටනයක් ඇති නොකරන ලෙසයි ඔවුන් රජයේ පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ.

වෛද්‍ය වෘත්තිකයින්ට වැඩි කළ දීමනාවට සාපේක්ෂකව සෙසු සේවා සඳහා ද රු.35000ක දීමනාවක් ලබා දෙන ලෙසයි පරිපූරක අතුරු වෛද්‍ය සේවා රජයෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව අද වැඩවර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සහය පළ වී ඇත.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටළුව මතුවුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/633/The-All-Ceylon-Nurses-Union-Protest

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan