වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ඉල්ලීම් වලට සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රථිචාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): අද (16) පෙ.ව 11.00 ට පමණ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

වෛද්‍යවරුන් හට ලබා දුන් රු.35,000 ක දීමනාව සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් රෝහල් තුළ ක්‍රියාත්මක එක්දින වැඩ වර්ජනය හේතුවෙන් මෙම සාකච්ජාව පැවැත්වුණි.

වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දුන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ අද සවස මුදල් අමාත්‍යංශය සමඟ මේ පිලිබදව කතිකා කිරීමට විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට තීරණය කල බවත් මේ සදහා සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින්ට ද මේ සදහා සහභාගී වන ලෙසටද, අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය

ඒ අනුව එම විශේෂ සාකච්ජාවට සහභාගී වීමට වෘත්තීය සමිති නියෝජිතයින් කැමැත්ත පලකළහ.

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ,සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිරතුරුව කටයුතු කරන බවත්, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා විශිෂ්ට මට්ටමක පවතින බවත් ඊට ජාත්‍යන්තර ප්‍රසාදය පවා ලැබෙන බවද, එහි සියලුම ගෞරවය මේ සදහා දායකත්වය දක්වන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් හට හිමිවිය යුතු බවයි.

මෙම අවස්ථාවයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෘත්තීය සමිත සන්ධානයේ නියෝජිතයින්ද සහභාගී වූ බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...