*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඇමති කෙහෙළිය අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් විරෝධතාවක්! සමඟි මන්ත්‍රීටත් හූ සංග්‍රහයක්! (PHOTOS)

කොළඹ LNW: හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද (16) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනයට ඉඩ සලසමින් රෝගී ජීවිත අනතුරට හෙළීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර ඇති බවටයි විරෝධතාකරුවන් චෝදනා කර සිටියේ.

වසර ආරම්භයේදීම එනම ජනවාරි 01 වැනි දින වෛද්‍ය චමල් සංජීව ඇතුළු කිහිප දෙනෙක් විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ පිහිටි නිවාස ඉදිරිපිට මල් වඩමක් තබා සිය විරෝධය පළකර තිබුණු අතර එයට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවැසියෙකු කුරුදුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අද දින වෛද්‍ය චමල් සංජීව ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවටයි වාර්තා වී තිබුණේ.

ඒ අනුව මල් වඩම් මෙන්ම එම ස්ථානයට මරණය සංකේත කරමින් මෘතදේහ අනුරූ දෙකක්ද රැගෙන විත් තිබුණි.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට විරෝධය දක්වන වීදි නාට්‍යයක් ද එම විරෝධයට එක් කර තිබුණු ආකාරය දක්නට ලැබුණි.

එම අනුරූ සහ මල් වඩම් රැගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට පොලීසිය දක්වා පාගමනින් යාමට විරෝධතාකරුවන් සැරසුන අතර ඊට පොලීසිය ඉඩ නොදීම හේතුවෙන් ඒවා වාහනයකින් කුරුදුවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටට රැගෙන ඒමටයි ඔවුන් කටයුතු කළේ.

පා ගමනින් යාමට ඉඩ නොදීම නිසා අවස්ථා කිහිපයකදී පොලීසිය සහ විරෝධතාකරුවන් උණුසුම් තත්ත්වයන්ද මතුවිය.

ඒ අනුව පොලීසිය ඉදිරිපිට එම මල්වඩම් සහ මෘත දේහ අනුරූ තබා තිබුණු අතර විරෝධය අතරතුර තවත් විශේෂ සිදුවීමක් සිදුවිය.

එනම් එම ස්ථානයට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විරෝධයට සහය පලකිරීමට පැමිණි නමුත් විරෝධාතාකරුවන්ගෙන් ඔහුටද විරෝධය එල්ල විය.

ශක්තිමත් විපක්ෂයක් පැවතියේ නම් ආණ්ඩුවට මානව විරෝධී ක්‍රියා කිරීමට ඉඩක් නොලැබෙන බවට ඔවුන් පවසමින් විපක්ෂ මන්ත්‍රීවරයාට විරෝධය පළකරන ලදී.

විරෝධය මැද ජයවර්ධන මහතා එම ස්ථානයෙන් ඉවත් විය.

විරෝධයට සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/634/A-protest-demanding-the-arrest-of-Minister-Keheliya

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan