ෂික් හසිනාගේ පලා යාම පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ මිත්‍රත්වය වර්ධනය කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ අගෝස්තු මාසයේ බංග්ලාදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් විසින් ආරම්භ කරන ලද රාජ්‍ය විරෝධී කැරැල්ල හේතුවෙන් වසර 16ක් බංග්ලාදේශයෙන් පාලන බලය දරු හිටපු අගමැතිනි ෂික් හසීනා ආරක්ෂාව පතා ඉන්දියාවට පලා යාමත් සමඟ ඉස්ලාමාබාද් සහ ඩකා අතර ඓතිහාසික එදිරිවාදිකම් අභිබවා, දෙරටේම දේශපාලනය විරුද්ධකරුවා වන ඉන්දීය විරෝධය මධ්‍යයේ දෙරට අතර මිත්‍රත්වය වර්ධනයව ඇති බව වාර්තා වේ.

1971 පකිස්තානයෙන් නිදහස් වීමේ බංග්ලාදේශ ලේ වැකි යුද්ධයකින් පසු ස්වාධීන ඇස්තමේන්තුවලට අනුව පකිස්තානයේ හමුදාව සහ එහි මිත්‍ර හමුදා බෙංගාලි කැරලිකරුවන්ට එරෙහිව සටන් කර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඝාතනය කළ අතර එම ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ අවම වශයෙන් කාන්තාවන් 200,000 ක් දූෂණයට ලක් වූ බවයි.

ඉන්දීය හමුදාවේ සහාය ඇතිව හසීනාගේ පියා ෂෙයික් මුජිබර් රහ්මාන් සහ ඔහුගේ අවාමි ලීග් පක්ෂය බංග්ලාදේශය නිදහස කරා ගෙන ගියේය.ඉන්දියාව සමඟ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් යටතේ 1974 දී පකිස්ථානය බංග්ලාදේශයේ නිදහස පිළිගත් අතර, ඉස්ලාමාබාද් සහ ඩකා අතර නොවිසඳුණු ගැටලු පැවතුනි.

කෙසේ නමුත්, නිදහස දිනා ගනිමින් බංග්ලාදේශය පකිස්තානයෙන් වෙන් වී වසර 54ක් පුරාවට ඩකා සහ ඉස්ලාමාබාද් අතර එතරම් යහපත් සම්බන්ධතාවයක් නොපවතී අතර බංග්ලාදේශ හමුදාවේ නිලධාරියෙකු වන ලුතිනන් ජෙනරාල් එස්එම් කම්රුල් හසන් ඊයේ(16)දිනයේදී පකිස්ථානයේ හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් ​​මුනීර් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, “දෙරට සහෝදර ජාතීන්” වශයෙනි.

පාකිස්තානයේ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් ලබන මාසයේ බංග්ලාදේශයට පැමිණීමට අපේක්ෂා කරන අතර එය 2012 න් පසු එවැනි පළමු සංචාරය වන අතර දකුණු ආසියාවේ භූ දේශපාලන භූමිය වෙනස් විය හැකි බවට විශ්ලේෂකයින් සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යෞවනයන් ට එක ඉණිමෙන් වාර්තා දෙකක්

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

සොනාල් පන්දුවෙන් සිය තේරීම සාධාරණය කරයි

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: සිය මංගල ටේස්ට් තරගයට...

ජගත්ගේ මුදල් බලය දණගැස්වූ වටගල න්‍යාය

සමගි ජන බලවේගය වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගෙන සිටි පාලින්දනුවර...

නැවත සොයාගත යුතුව ඇත ….

''පින්තූරයේ සිටින අපේ තාත්තා දුටුවොත් පහත අංකයට දැනුම් දෙන්න....