මහ කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට ත්‍රිවිධ හමුදා සහය!

Date:

කොළඹ LNW: මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම්
පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධව සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පැවැත්වා ඇත.

එහිදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයත් තාක්‍ෂණික දැනුමත් යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහාත් අවධානය යොමුවී තිබේ.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතියි.

ගබඩාවන්හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහකන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සුදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්‍ෂාව සැපයීමටත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර ඇති බව සඳහන්.

”Clean Sri Lanka වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙසයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.

එම සාකච්ජාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ඒ.එල්. රාජගුරු, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...