රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

Date:

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ඊයේ (16) මහර අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා එදින අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ මෙම රිය අනතුරේදී මෝටර් රථයක ගමන් කළ එකම පවුලේ මව, කුඩා දරුවා හා දරුවාගේ මිත්තනිය තුවාල ලැබූ බවත් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා තවමත් පොලීසියට ලැබී නොමැති බවත් ය. එම වාර්තා ලැබුණු විගසම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් ගුණසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අනතුරින් තම සේවාදායකයින්ගේ මෝටර් රථයට රුපියල් ලක්ෂ 6ක අලාභයක් සිදුව ඇති බවත් සිද්ධිය අවස්ථාවේ ඔවුන්ගේ වටිනා ජංගම දුරකථන දෙකක් ද අස්ථානගතව ඇති බවත් පැවසූ අතර ඒ හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ හත හමාරක මුදලක් ගෙවීමට සැකකාර මන්ත්‍රීවරයා එකඟ වන්නේ නඩුව සමථයකට පත්කරගත හැකි බවට ද යෝජනා කළේය.

එහිදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දේශාල් පෝල් මහතා පැවසුවේ තම සේවාදායකයා ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාව හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහු රිය පැදවීම සඳහා යෝග්‍ය තත්ත්වයක සිටින බවට තහවුරු වී ඇති බවත් ඔහුගේ මුත්‍රා හා ලේ සාම්පල් වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමුකෙරුණු අතර එහිදී ඔහු බීමත්ව නොසිටි බව තහවුරු වී ඇති බවත් ය. අගතියට පත් පාර්ශ්වය යෝජනා කර ඇති මුදල් සම්බන්ධයෙන් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසුව සාකච්ඡා කළ හැකි බවත් නීතීඥවරයා එහිදී පැවසීය.

ඒ අනුව නඩුව ලබන මාර්තු මස 13 වනදාට කල් තැබිණි.

අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය 2025 දෙසැම්බර් 11 වනදා රාත්‍රියේ සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වූ අතර එම මෝටර් රථයේ ගමන් ගත් මාස 7ක් වයසැති බිළිඳියක්, ඇගේ මව සහ මිත්තණිය එහිදී තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...