නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW:
අවසාන තරගය දක්වාම පෙරමුණ ගෙන සිටි බ්ලූ කන්ඩායම අවසාන තරගයේදී කඩුලු 6 න් පරාජය කරමින් ජාතික කාන්තා විස්සයි විස්ස ලීග් සූර්යන් වන්නට හසිනි පෙරේරා නායකත්වය දැරුව ග්‍රීන් කණ්ඩායම සමත් වුණා.බ්ලූ කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් පන්දු වාර 18.1 දී සියල්ලම දැවී ලකුණු 95 ක් පමණක් රැස් කරන්නට සමත් වුණා.
බ්ලූ කණ්ඩායමේ නායිකාව හර්ෂිතා සමරවික්‍රම මෙම තරගාවලියේදී තෙවන වරටත් ලකුණු නොලබා දැවී ගියා. බ්ලූ කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණය වූ ලකුණු 95 න් චමරි අතපත්තු අගනා ලකුණු 51රැස් කරනු ලැබුවා.ඒ සඳහා ඇයට වැය වුණේ පන්දු 41 ක් පමණයි.බ්ලූ කණ්ඩායමේ ලකුණු නොලබා නොදැවී සිටි යසන්ති හේරත් හැරුණු විට ලකුණු නොලබා දැවී ගිය ගණන 4 ක් වුණා.ඉලක්කම් දෙකක දායකත්වයක් එකතු කරන්නට සමත් වූයේ තිදෙනෙකු පමණයි.තරගාවලිය පුරා ලකුණු අතර සිටි කවිශිනි නෘත්යංඝනී සමඟ දෙදෙනෙක් දුවද්දී දැවී ගියා.
අවසාන පෙර තරගයට මෙම කණ්ඩායම් දෙක හමුවන තෙක් අපරාජිතව සිටි බ්ලූ කණ්ඩායම එම තරගයේදී තියුණු පරාජයකට උරුමකම් කීමෙන් පසුව ඇති කර ගත් පීඩනයකින් ක්‍රියා කළ බව මේ තරගයේ දී දකින්නට ලැබුණා.සමස්ත තරගාවලියේම තදින් පහර දෙන පුහුණුකරුවාගේ සේවය කෙසේ ලබා ගත්තේ ද යන ගැටළුව ඉතුරු කරමින් ජාතිකණ්ඩායම් සාමාජිකයන් ද,ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ආසන්නයේවත් නොසිට පන්දුවට පහර දෙන බවක් දැක ගන්නට ලැබුණා.
කෙසේ වුවත් අවසාන තරගයට ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් කැඳවා සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ඕෂධි රණසිංහ චමරිගේ කඩුල්ල ද ඇතුළුව ලකුණු 17 ට කඩුලු 4 ක් සවා ගනිමින්, බ්ලූ කණ්ඩායම දඩයම් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධාන දඟකැවීමේ වගකීම ඉටු කළා.
අවසාන මොහොතේ දී බ්ලූ කණ්ඩායම පරාජය කරන මොහොත වන තෙක්ම ලකුණු අතර නොසිටි නිලක්ෂිකා ද සිල්වා නොවන්නට සමහර විට බ්ලූ කණ්ඩායම ලකුණු 95 ක යනු ජයග්‍රහණයට සෑහෙන ලකුණු ප්‍රමාණයක් කර ගන්නටත් ඉඩ තිබුණා.නැවතත් අත්දැකීම්වලින් පරිණත ඕෂධි ද නිලක්ෂිකා සමග එක්ව පස්වන කඩුල්ලට නොදැවී රැස් කළ ලකුණු 37 නොවන්නට චමරි වැනි අත්දැකීම් ඇති ක්‍රීඩිකාවකගේ සහයද ගෙන නායකත්ව ලක්ෂණ මැනවින් විඳහා පෙන්වා ඇති හර්ෂිතා ලකුණු 95 පිරිමසා ගන්නටත් තිබුණා.පුංචි ඉලක්කයකට වේගයෙන් දුවන්නට ගොස් ආබාධ ඇති කර නොගෙන සීරුවෙන් නිලූකා (නොදැවී 36) සහ ඕෂධී (නොදැවී) 16 ග්‍රීන් කණ්ඩායමට කඩුලු 6 ක ජයක් ලබා දෙන්නට මුල් වුණා.
පිතිකාරිණියන් අතර මුල් තැන ගන්නට හසිනි පෙරේරා සමත් වුණ අතර පන්දු යවන්නියන් අතර වැඩිම කඩුලුලාභිණිය වූයේ රෙඩ් කණ්ඩායම නියෝජනය කළ යොවුන් ක්‍රීඩිකාවන්ට නායකත්වය දුන් ලාබාල චමෝදි ප්‍රබෝධා යි


