විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW:

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ප්‍රකට විකට නළුවෙකි.එහෙත් ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස විහිළු කරන්නේ නැත.එරට බහුතර ජනතාවගේ හදවතේ නින්නාද දෙන වීරයා ඔහුය.රුසියාව වැනි රටක් ඉදිරියේ අභිතව සහ ධෛර්යසම්පන්නව නැඟෙන්නට පන පිඹින නායකයා ඔහුය. රටක නායකයෙකු නොවුණ ද චාලි චැප්ලින් ද විහිළුකාරයෙකු සේ මතුපිටින් පෙණුනද ඔහු අභියෝග කළේ නාසිවාදි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ අධිපතිවාදී සහ ඒකාධිපතිවාදි වියරුවටය. හිටිලර් ද ඒ විවේචනවලින් සැලුණා පමණක් නොව ගෞරවය මුසු බියකින් ද පසු වූ බවක් හැඟෙන්නේ චැප්ලින් සම්බන්ධයෙන් හිට්ලර් ගත් තීරණ තීන්දු අනුවය.


මේ විහිළුකාරයන් ගැන මතක් කරන්නට සිතුණේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ වැටෙන්නේ ද ක්‍රිකට් ක්‍රීඩක ජීවිතයේ කණ්ඩායමේ සිටි විහිළුකාරයන්ගේ ගණයට බැවිනි.ඔහු දරුණුම විහිළුකාරයෙකු බවත් මිනිසුන් බොරුවෙන් මුලාවෙන් අන්දන්නට උපන් හපනෙකු බවත් පැරණි මතක රසාංගවලදී ඔහුගේ සමකාලීනයෝ සිහිපත් කර දෙන්නේ බඩ අල්ලාගෙන සිනහසෙමින්ය.
ප්‍රමෝදය ගැන කියන්නට සිත් වූයේ ඔහු මීට පෙරද තේරීම් කමිටු ප්‍රධානියාව සිටි අතර ඒ අවස්ථාවල ක්‍රීඩක අවධියේ විහිළුකාරයා මතු නොවුණ බැව් කියන්නටය.බොහෝ දෙනෙකු කෝප ගැන්වෙන සුලු ශාරිරික යෝග්‍යතාව සම්බන්ධ ප්‍රගතිය වැනි කරුණු මතු කර පෙන්වූයේ ප්‍රමෝදය වික්‍රමසිංහය.


දැන් ඔහු නැවත තේරීම් පුටුවේ අසුන් ගෙන ඇත.මුලසුන ද ඔහුටය.එහෙත් වැඩ භාර ගනිද්දීම ඔහු පරණ තේරීම් කමිටුව ගත් තීරණ සමඟ එක්ව ගමන් කරන බව කියමින් තමන්ගේ තේරීම් කමිටුවේ වැඩ මදක් පස්සට ගත්තේය.සනත් ජයසූරිය සමඟ ද ඔවුන් සාකච්ඡා කර තිබුණේ එසේ කරන්නේ කෙසේද යන්නය.සමහර විට සනත් ද හොඳයි කියන්නට ඇත්තේ පරණ තේරීම් කමිටුවේ තීරණ විය හැකිය.
කෙසේ හෝ ඒ තීරණ ඒ තරම්ම ගැලපෙන්නේ නැති බවත්,ලෝක කුසලානය අමතක කළ නොහැකි බවත් ප්‍රමෝදයට තේරෙන්නට ඇත.ඒ නිසා ඔහු දැන් පෙන්වන පොත ලෝක කුසලාන සංචිතයට නිවාඩු දී එංගලන්තයට එරෙහිව වන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය පැවත්විය යුතු බවය.තරගාවලිය පැවත්වෙන්නේ ශ්‍රී ලංකාව තරග වඳින දේශිය ක්‍රීඩා පිටිවලන්ම විවේකයට වඩා ක්‍රීඩා කිරීම වටින බව අප කාගෙත් ප්‍රධාන තර්කයය.ප්‍රමෝදය තුළ එවැනි තර්කයක් මතු නොවන්නේද?


මේ අදහස විහිළුවක් ලෙස හැඟුණ ද,සමහර විට ලෝක කුසලාන කණ්ඩායමට එංගලන්ත තරගාවලියේ දක්ෂයන් පූට්ටු කරන්න හේතුවක් හදා ගන්න ප්‍රමෝදය හදා ගන්න පසුබිමක් බවට මේ තීරණය පත්වන්නට ඉඩ ඇත.තරගාවලිය පවත්වන තණතීරු තුළදීම එංගලන්ත තරගාවලියට යොදා ගන්නා ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණියහොත් සමාජයේ සෑම ස්ථරයක්ම එම ක්‍රීඩකයාට අවස්ථාවක් ලබා දීම සඳහා ජනප්‍රිය ක්‍රීකට් ක්‍රීඩාවේ බලපෑම්කරුවන් වනු ඇත.ප්‍රමෝදයට එවැනි අවස්ථාවක දී පරණ තීරණවලට පිටු නොපෑවත් මහා බලවත් ඉල්ලීමක් සළකා නොබලා සිටින්නට නොහැකි වනු ඇත.එවිට පරණ තීරණ ගැන තරහ නොවී ප්‍රමෝදය මහා ප්‍රවාහයක් සේ මතුව තමන් වෙත ගලා එන ප්‍රවාහයන්ට යට වෙනු ඇත.


ඇත්තටම විහිළුවක් නොවී ප්‍රමෝදය එවැනි තීරණයකට සිය තේරීම් කමිටු සාමාජිකයන් සමඟ කතා කර එළඹෙන්නට ඇති ඉඩ වැදගත්ය.රටට අවශ්‍යය හොඳම කණ්ඩායමය.තව අතකින් දිනන්න පුළුවන් කණ්ඩායමක් හදා ගන්නත් අපහසු නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...