22 වනදායින් පසු මාසයක් යන තෙක් විදුලිබල මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙන්නෙ නෑ – ගම්මන්පිල

Date:

ජනවාරි 22 වනදායින් පසු විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට මාසයක කාලයක් ප්‍රමාද වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“විදුලිබල මණ්ඩලයෙන් අපට දැනුම් දී තිබුණා ඒ අයට විදුලි ජනනය සඳහා ඉන්ධන අවශ්‍ය වෙන්නේ ජනවාරි මාසේ අග සිටයි කියලා. නමුත් ජනවාරි 07 වෙනිදා අපෙන් දැවිතෙල් දවසට මෙට්‍රික් ටොන් 3500 ගාණේ ඉල්ලුවා. අපි දැන් ඒක ලබාදෙනවා ජනවාරි 22 දක්වා. ඒ වගේම ඒ අය අපෙන් ජනවාරි මාසෙ 11 වෙනිදා ඉල්ලුවා 13 වෙනිදා සිට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ගාණේ අවශ්‍යයයි කියලා.

නමුත් අපි කලින් කියපු දේ සිහිපත් කරලා අපි ඔවුන්ට කිව්වා අපට එහෙම ලබාදීමේ හැකියාවක් නෑ, ඔබ ඩොලර් සපයන්න, අපි ඉන්ධන ගෙනවිත් දෙන්නම්, ඉන්ධන ගෙන එන්න ගතවෙන කාලය ඔවුන්ට දරාගෙන ඉන්න වෙනවා. දැන් තමයි ඔවුන්ට අපට අවශ්‍යතාවය කියලා තියෙන්නෙ, ඒ නිසා අපට අඩුම ගාණෙ දින 30ක කාලයක් යනවා මේ ඉන්ධන ඔවුන්ට ලබාදෙන්න”

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...