ශ්‍රීලනිපය වෙනමම සන්ධානගත වීමේ තීරණයක!

Date:

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානගත වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණයක් ගෙන ඇති බව එම පක්ෂයේ ජ්‍යෙශ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

ඒ, අද (17) පැවති මාධ්‍ය හමුවකදීය.

”පොල්ගෙඩිය රු.100යි. ජීවත් වෙන්නේ කොහොමද? රු.පන්දාහේ ඒවා අච්චු ගගහ,අච්චු ගගහ දුන්නට මේ රටේ රජයේ සේවකයෝ ඉන්නේ 7%යි. අනෙකුත් සාමාන්‍ය මිනිස්සුන්ට රු.5000ක් ලැබුණත් ඒකේ වටිනාකමක් නැහැ. සෞඛ්‍ය විද්‍යාඥයෙක් කියනවා ලක්ෂ හයහමාරක විතර මිනිස්සු රෑට කන්නේ නැතුව බුදියගන්නවා කියල. මේ වගේ වෙලාවක මොකද කරන්නේ කියල අපෙන් අහනවා සාමාන්‍ය ජනතාව. ඔව්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙලාවේ ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මධ්‍යම කාරක සභාව ස්ථිර වශයෙන්ම තීරණ අරන් තියෙනවා.රටේ ඉදිරියට ඇති වන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානයක් යටතේ තරඟ කිරීමට තීරණය කරලා තියෙනවා.යනුවෙනුයි එහිදී පියදාස මහතා කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...

කළුතර යුවලක් කෝටි 25ක “කුෂ්” සමඟ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ගුවන් මගීන් දෙදෙනෙකු...