මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමිවේ

Date:

රටක ආර්ථිකය නඟාසිටුවීමේදී එරට ව්‍යාපාරික ප්‍රජාව ලබාදෙන දායකත්වය ප්‍රධාන සාධකයක් වෙයි.මහා පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අඩු වැඩි වශයෙන් මේ සඳහා දායකත්වය සපයනු ලැබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත් චෙන් (Shixin Chen) මහතා පවසයි. පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ බව දැන්වීය.ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතා ඇගයීමට ලක් කෙරිණ. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත් චෙන් මහතා සඳහන් කළේය.ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 27කි. ආසියානු සංවර්ධන බැංකුවෙහි වාර්ෂික සම්මේලනය රටවල් 68ක නියෝජනයෙන් ලබන මැයි මස 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇත. මීට සමගාමීව ව්‍යාපාරික සමුළු ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

දේශීය සහ විදේශීය නියෝජිතයන් 5,000ක පමණ පිරිසක් ඊට සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. සමුළුව“පශ්චාත් කොවිඩ් – 19 ලෝකය සඳහා කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක්” යන තේමාව ඔස්සේ පැවැත්වේ. ශ්‍රී ලංකාව කොවිඩ් – 19 එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීම, රජයේ සෞඛ්‍ය යාන්ත්‍රණයෙහි සංවිධානාත්මක බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයාගේ ඇගයීමට ලක් විය. එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහාය වෙනුවෙන් රජයේත් ජනතාවගේත් කෘතවේදීත්වය හිමි වන බව රාජපක්ෂ මැතිතුමා2ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක එයිමින් සෝව් (Aiming Zhou), නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), ලේකම් මුහමඩ් එෂාන් ඛාන් (Muhammad Eshan Khan), නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සාව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩී.එස්. ජයවීර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

තේමිය පරාක්‍රම Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...