විදෙස් ප්‍රේෂණ තවත් අඩුවෙයි – ඩොලර් අර්බුදය තවදුරටත් ඉහළට

Date:

විදෙස් රටවල රැකියා කරන පුද්ගලයන් ශ්‍රී ලංකාව වෙත එවන ඩොලර් ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යමින් තිබේ. පසුගිය 2020 වසරට සාපේක්ෂව 2021 දී විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1600 කින් පහත වැටී තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 2020 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 7100 ක් එවා ඇති අතර 2021 දී එවා ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය 5400 කි.

2020 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 812 ක් ලැබී ඇති නමුත් 2021 දෙසැම්බර් මාසයේදී ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 325 ක් පමණි. කෙසේ නමුත් පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ඩොලර් පැමිණීමේ සුළු ඉහළ යාමක් වාර්තා වේ.

විදෙස් ප්‍රේෂණ රටතුළට කැඳවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් උනන්දු කරවීමේ අරමුණින් සෑම ඩොලරයකටම රුපියල් 10 ක දීමනාවක් ලබාදීමටද මහ බැංකුව තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රචාරාත්මක ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබෙනවා. කෙසේ නමුත් ඉන් සැළකිය යුතු වාසියක් අත් වී නොමැත.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බැංකු මත විස්වාසය නොතබා තැරැව්කරුවන් ඇතුළු විවිධ මාර්ගයෙන් ඩොලර් එවන බවටද වාර්තා වේ. කෙසේ නමුත් මහබැංකු අධිපතිවරයා පසුගියදා සඳහන් කළේ එවැනි අවිධිමත් ආකාරයෙන් එවන ඩොලර් ප්‍රමාණය ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් බවයි. ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...