අබුඩාබියේ තෙල් ටැංකි පිපිරුවේ යෙමනයේ ඩ්‍රෝන ප්‍රහාර නිසා ද?

Date:

අබුඩාබි යේ තෙල් සමාගමක් වන ADNOC හි ගබඩා කලාපයේ කාර්මික මුසෆා ප්‍රදේශයේ ඉන්ධන ටැංකි රැගත් ට්‍රක් රථ තුනක් පුපුරා ගොස් තිබේ.

මෙමඟින් අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉදිකිරීම ස්ථානයක ගින්නක් හට ගෙන ඇති බවට එරට පොලීසිය පවසයි.

සුන්බුන් අතර, කුඩා ගුවන්යානයක කොටස් හමුව ඇති අතර, මෙය ඩ්‍රෝන යාත්‍රාවක කොටස් විය හැකි බවත්, මෙම පිපිරීම ඩ්‍රෝන යාත්‍රා මඟින් එල්ල කළ ප්‍රහාරයක ප්‍රතිඵල විය හැකි බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

මේ අතර, යෙමනයේ ඉරාන පිටුබලය ඇති බවට කියවෙන හූති සංවිධානය පවසන්නේ අද (17) දින තම සංවිධානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කළ බවයි.

අදාළ ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුව නැති අතර, වැඩිදුර පරීක්ෂණ සිදුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...