අබුඩාබියේ තෙල් ටැංකි පිපිරුවේ යෙමනයේ ඩ්‍රෝන ප්‍රහාර නිසා ද?

Date:

අබුඩාබි යේ තෙල් සමාගමක් වන ADNOC හි ගබඩා කලාපයේ කාර්මික මුසෆා ප්‍රදේශයේ ඉන්ධන ටැංකි රැගත් ට්‍රක් රථ තුනක් පුපුරා ගොස් තිබේ.

මෙමඟින් අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉදිකිරීම ස්ථානයක ගින්නක් හට ගෙන ඇති බවට එරට පොලීසිය පවසයි.

සුන්බුන් අතර, කුඩා ගුවන්යානයක කොටස් හමුව ඇති අතර, මෙය ඩ්‍රෝන යාත්‍රාවක කොටස් විය හැකි බවත්, මෙම පිපිරීම ඩ්‍රෝන යාත්‍රා මඟින් එල්ල කළ ප්‍රහාරයක ප්‍රතිඵල විය හැකි බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

මේ අතර, යෙමනයේ ඉරාන පිටුබලය ඇති බවට කියවෙන හූති සංවිධානය පවසන්නේ අද (17) දින තම සංවිධානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කළ බවයි.

අදාළ ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුව නැති අතර, වැඩිදුර පරීක්ෂණ සිදුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...