අපේ අපේක්ෂකයා රනිල් කියන්න පොහොට්ටුවේ ලෑස්තියක් නෑ – රෝහිත

Date:

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා යැයි කීමට එම පක්ෂයට අයිතියක් ඇතත් එවැන්නක් කීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“එක්සත් ජාතික පක්ෂයට, එහි නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමන්ලාට අයිතියක් තියෙනවා තමන්ගෙ පක්ෂය වෙනුවෙන් අපේ මෙන්න ඉන්න අපේක්ෂකයා කියලා කියන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ අපේක්ෂකයා කියන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෑස්තියක් නෑ. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා, අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ දේශපාලන මණ්ඩලය විසින් ගන්න ඕනෙ තීන්දුවක්. ඒ මණ්ඩලය ගත්තොත් ඒකට සමහර වෙලාවට එක එක නම් එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නමත් අපෙ එකට එයි. හැබැයි තාම තීන්දුව අරන් නෑ, තීන්දුව වෙලාවට ගන්නවා. ගන්න තීන්දුව නිවැරදි තීන්දුවක් ගන්නේ රට සහ ජනතාව ගැන හිතලා”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...