*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

රනිල් මහත්තයගේ නමත් ලැයිස්තුවේ තියෙනවා.තව ගොඩක් නම් තියෙනවා.සැබෑ අපේක්ෂකයා ලැයිස්තුවේ නැති වෙන්නත් පුළුවන් – නාමල්

කොළඹ LNW:අවශ්‍යවන්නේ අප නියෝජනය කඳවුර ජයග්‍රහණය කරවීම නිසා එලෙස ජයග්‍රහණය කළ හැකි තැනැත්තා අවසානයේදී අපේක්ෂකයා වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මෙන්ම තවත් නම් ගොඩක් තිබෙන අතර අවසානයේ අපේක්ෂකයා වන්නේ එම ලැයිස්තුවල නොමැති කෙනෙක් වුවද විය හැකි බව ඔහු කියා සිටියේය.

අපේක්ෂකයා සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

වැදගත් වන්නේ අපේක්ෂකයා කවුද යන්න නොව ජයග්‍රහණය කළ හැකිද යන්න බව හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර සිය දේශපාලන කඳවුර ජයග්‍රහණය කවන ඕනෑම පක්ෂයක්, බලවේගයක් සමඟ සාකච්ජා කරන බවද මන්ත්‍රීවරයා පවසන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ග්‍රමීය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබෙන බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan