බාල එන්නත් ගෙන්වූ හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 07 දෙනා තවදුරටත් රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් එන්නත ආනයනය කිරීමේ චෝදනාව එල්ල වී සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකරුවන් 07 දෙනා එළඹෙන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

ඒ, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශන සිදුකරන අතර ප්‍රමිතියෙන් තොර එම එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් රජයේ රෝහල්වලට සපයා තිබුණු බවටයි අනාවරණය වුණේ.

Isolez Biotech Pharma යනන්සමගම හරහා එම ඖෂධය ආනයනය කර තිබුණු අතර එම සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු නැමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිද්ධියට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...