මෙරට සීනි නිෂ්පාදන ඉතිහාසයට අලුත් පිටුවක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ (LNW):

මෙරට සීනි නිෂ්පාදන ඉතිහාසයට මෙය අලුත් පිටුවක් පෙරළමින්, වසර 64කට පසුව අම්පාර දිස්ත්‍රික්කයේ දෙවන සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වාරය ආරම්භ කර ඇත.

1961 වසරේ එනම් ගල්ඔය ව්‍යාපාරයේ ආරම්භක යුගයේදී හිගුරාන සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කෙරුණේ ආසියාවේ විශාලතම කර්මාන්ත ශාලාව ලෙසටයි.

කලක් මෙරට ප්‍රමුඛ පෙළේ කර්මාන්ත ශාලාවක් වූ මෙය කාලයාගේ ඇවෑමෙන් බිද වැටීමට ලක්වුණ අතර, කර්මාන්ත ශාලාව වසා දැමීමෙන් වසර 15කට පසු දැන් යළි එය විවෘත කර ඇත.

ඒ මෙහි කොටස් සියයට පනස් එකක් රජය සතුවත් කොටස් සියයට 49ක් පෞද්ගලික ආයෝජකයන් සතුවන ආකාරයටයි.

ඒ සඳහා ඉදිරිපත් වූයේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාර මහතායි.මෙම කර්මාන්ත ශාලාවෙන් දෛනිකව උක් ටොන් දෙදහස් පන්සීයක් ඇඹරීමේ හැකියාව පවතින අතර, නව කර්මාන්ත ශාලාව තුළින් වසරකට සීනි මෙට්‍රික් ටොන් පනස් දෙදහසක් නිශ්පාදනය කිරීමේ හැකියාව පවතින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...