අභාවප්‍රාප්ත හිටපු පා.ම. නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු ලබන 21 දා..

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW :

අද (18) අලුයම , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.

ඒ අනුව, දේහය 19 වන සදුදා උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කර තැබෙන අතර, 19 වන සදුදා සවස 6.00 සිට 21 වන බදාදා සවස 3.00 දක්වා වාද්දුව YMBA ශාලාව තුල තැන්පත් කර තැබෙන බව සඳහන් වේ.

පසුව, ඒ මහතාගේ අවසන් කටයුතු 21 වන බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරන බව දන්වා තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 63 වන වියේ පසු විය.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන ප්‍රබල සාමාජිකයෙකු වූ ඒ මහතා, එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද තරඟ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට පිවිසි ඔහු, වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, සංචාරක අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇත.

පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වූ ඒ මහතා, පානදුර නගර සභාවේ නගරාධිපති ධුරය ද හොබවනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලු රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තමා ග්‍රීන්ලන්තය අත්පත්...

ඉන්දීය ත්‍යාගය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රු. මි. 1.5ක මුදලක ඉතිරියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : ඉන්දීය යුද හමුදාපති...

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ කරච්චි නුවර...