දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් නිසා ඕස්ට්‍රේලියාවටත් පරාජය

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගයද ජය ගනිමින් අපරාජිතව තමන් තරග වඳින කාණ්ඩයේ මුල් තැන රැක ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.ඒ සඳහා ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පිත්තෙන් හා පන්දුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නේය.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 175 ට සීමා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ් සමත් වූහ.එහදී දුනිත් වෙල්ලාල මේ තරගාවලියේ දී දෙවන වරටත් කඩුලු පහේ සීමාවට පැමිණෙමින් සිය පන්දුවාර 10 ලකුණු 28ක් පමණක් ලබා දෙමින් නිමා කළේ,කඩුලු පහක් ලබා ගනිමින් ය.ට්‍රෙවීන් මැතිව් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු ඕවර10 නිමා කළ අනෙක් පන්දු යවන්නා වූ අතර ඔහු ලකුණු 32 ක් ලබා දෙමින් කඩුලු 2 ක් ලබා ගත්තේය.මතීෂ පතිරණ ලකුණු 34 ට කඩුලු දෙකක් දවා ගත් අතර සදීශ රාජපක්ෂ ලකුණු 30 ට එක් කඩුල්ලක් ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 50 හෝ ඉක්මවා යන කිසිඳු කඩුලු සබඳතාවයක් වාර්තා නොවුණ අතර විශේෂයෙන්ම පස්වන සහ හයවන කඩුලු ලකුණු පූවරුව 112 දී අහිමි වීම ඔවුන්ට දැඩී පීඩනයක් ඇති කළේය.ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය කැම්බෙල් කේල්වේ වාර්තා කළේය.එම ලකුණු 54 ට අමතරව ඉතා අසීරු අඩියක සිටි ඕසට්‍රේලියාව ලකුණු 175 දක්වා කැඳවා යන්නට පරිස්සම්කාරී ලකුණු 22 ක් පන්දු 50 ක් වැය කරමින් ලබන්නට විලියම් ශේයිස්මාන් සමත් විය.

පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකාව වරක් කඩුලු 4ක් ලකුණු 49 ට අහිමි කරගෙන අසීරු අඩියක සිටියේය.විශේෂයෙන් ලකුණු අතර සිටින සකුණ ලියනගේ දුර්ලභ “හිට් විකට්” වරදට සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් පසුව අංක 5 පිතිකරු ලෙස පැමිණ කඩුල්ලේ සිටි නායක දුනිත් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමේ වගකීම සිය කර පිට තබා ගත්තේය.ආරක්ෂාවත් ආක්‍රමණයත් සහිත දුනිත්ගේ ඉණිම ශ්‍රී ලංකාවට අහිමි වූ හයවන කඩුල්ල ලෙස නිමාවට පත්වෙද්දී ඔහු පන්දු 71 දී ලකුණු 52 ක් ලබා සිටියේය.ඊට ඒ හයේ පහරක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විය.දුනිත් සමඟ පස්වන කඩුල්ලට කඩුලු රකින අන්ජුල බණ්ඩාර(33) ලකුණු ලකුණු 70 ක වගකීම් සහගත සබඳතාවයක් පැවත්වීමට සමත් විය.එසේම නොදැවී ලකුණු 32 ක් ලබා ගත් රනිඳු සෝමරත්න සමඟ දුනිත් ඇති කර ගත් හයවන කඩුල්ලේ සබඳතාවය ලකුණු 52 කි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...