කෘෂිකර්මාන්තයේ නව නැම්මක් ?

0
412

අන්තර්ජාතික වශයෙන් ඉහළින් පිළිගන්නා සඟරාවක් වන නේචර් (Nature)හි සඳහන් වූයේ චීන නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර, රසායනික පොහොර සංයුතියම යොදා කරන ලද පරීක්ෂණයක දී රසායනික පොහොර යොදා ලබා ගන්නවාට වඩා සියයට 15කට වැඩි අස්වැන්නක් ලබා ඇති බවය. මේ නිසා කාබනික තාක්ෂණයට හෝ කාබනික පොහොරවලට බිය විය යුතු නැත. මෙහිදී වැදගත් වන්නේ කාබනික තාක්ෂණය ඉගෙන ගැනීමය.

එම නිසා අප රටේ විද්‍යාඥයන් කළ යුත්තේ පසුගාමී නොවී ලෝකයේ කාබනික තාක්ෂණය තුළින් අති විශාල ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්නේ කෙසේ දැයි සොයා බලා එය අප රට තුළ ද ක්‍රියාත්මක කිරීමට පසුබට නොවීමය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ද ගුණාත්මක බවින් යුතු පොහොර නිෂ්පාදනය කළ යුතුය.එමෙන්ම වංචා සහගත ලෙස සහ බාල වර්ගයේ පොහොර වෙළෙඳපොළ තුළට ගෙන ඒම සම්බන්ධව රජය විසින් දැඩි පියවර අනුගමනය කළ යුතු වේ.

එසේ නොවුණ හොත් සිදු වන්නේ බාල වර්ගයේ පොහොර නිසා සමස්තයක් ලෙස මෙම කාබනික කෘෂිකර්මය මෙරට තුළ කළ නොහැකි දෙයක් බවට පත් වීමය. වෙළෙඳපොළ තුළ ඇති බාල වර්ගයේ පොහොර නිසා ගොවීන්ට සිදු වන්නේ විශාල හානියකි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවට බලතල දිය යුතුය. එමෙන්ම බිම් මට්ටමේ ගොවීන් වෙත මෙම නව තාක්ෂණය ගෙන යා යුතුය. එවිට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව නැම්මක් කරා ගෙන යා හැකි වේ.

#ඇත්ත Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here