ලෙඩ නිවාඩු දැමූ විදුලි ඉංජිනේරුවන් GM ට එරෙහිව උද්ඝෝෂණයක!(PHOTOS)

0
291

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (18) දින ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.

එහි තවත් පියවරක් ලෙස පෙරවරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වන ලදී.

විදුලි ඉංජිනේරු සංගමය විසින් එලෙස විරෝධය පළකළේ නව සාමාන්‍යාධිකාරීවරයාට සහ එහි සභාපතිවරයාටය.

වහාම ඔවුන් ඉවත්කල යුතුව ඇති අතර නව සාමාන්‍යාධිකාරීවරයා අදම ඉවත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් හෙට සිට අකුරට වැඩකරන බවත් විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here