*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

CEB ය කොට උඩ.විදුලි ඉංජිනේරුවෝ GM ට එරෙහිව වැඩ වරද්දී GM ගෙනුත් දැඩි ප්‍රතිචාර! (VIDEO)

ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවටත් ඔහු දූෂිත නිලධාරියෙකු බවටත් චෝදනා කරමින් එහි විදුලි ඉංජිනේරු සංගමය අද (18) ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

එහිදී විදුලි ඉංජිනේරු සංගමය නව සාමාන්‍යාධිකාරීවරයාට පමණක් නොව සභාපතිවරයාටද විදුලි ඉංජිනේරු සංගමය චෝදනා එල්ල කරන ලදී.

උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසුවේ මහ රෑ දොළහට නිව් පෝට්‍රස් හොර ගිවිසුමේ සාක්ෂියට අත්සන් කළ නිලධාරියා සමඟ දැන් සභාපතිවරයා විදුලි බල මණ්ඩලය විනාශ කරන හොර ගමනක් යාමට සැරසෙන බවයි.

කෙසේවෙතත් මේ වන විට ලංකා විදුලි බලමණ්ඩලයට සාමාන්‍යාධිකාරීවරයෙක් නොමැති අතර ඔහුගේ පත්වීම නීත්‍යානුකූල නැති බවත් ඔහු ව්‍යාජ සාමාන්‍යාධිකාරීවරයෙක් බවත් කුමාරවඩු මහතා පැවසුවේය.

ඒ අනුව දින ගණනක් බලන් සිටිය නොහැකි අතර නව සාමාන්‍යාධිකාරීවරයා අදම ඉවත් කළ යුතුව ඇති අතර එසේ නොවන්නේ නම් හෙට සිට අකුරට වැඩ කිරීම ආරම්භ කරන බව කුමාරවඩු මහතා කියා සිටියේය.

සාමාන්‍යාධිකාරීවරයා ගෙදර යැවූ පසු සභාපතිවරයාද ගෙදර යැවිය යුතු වන බව ඔහු මෙහිදී පැවසුවේය.

මෙම නිලධාරීන් ඉවත් නොකරන්නේ නම් 1996 වසරේදී විදුලි ඉංජිනේරුවන් කළා වැනි වැඩ වර්ජනයකට යොමුවන බවටද අද ලංකා විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අඟවන ලදී.

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කර සිටින අචාර්ය සුසන්ත පෙරේරා මහතාද ඔහුට මේ වන විට එල්ල වී තිබෙන විරෝධය ගැන අද මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

අධිකරණ නියෝගය පැමිණෙන තුරු ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තමන් එම පත්වීම භාර ගත් බවත් තමන් මෙම තනතුරේ සදාකාලිකව නොසිටින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම තමන්ට මේ වන විට එල්ල කරමින් තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හැකි නම් තමන්ට එරෙහිව යොමුකර තිබෙන චෝදනා පෙන්වන ලෙසද ඔහු ලංකා විදුලි ඉංජිනේරු සංගමය වෙත අභියෝගයක් ද එල්ල කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan