චීනයේ ජනගහනය අඛණ්ඩ අඩුවීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ ජනගහනය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (17) නිකුත් කරන ලද දත්ත වලට අනුව 2023 වසර අවසානයේ බිලියන 1.409 ක ජනගහනයක් චීනය වාර්තා කර ඇත.

එය 2022 වසරට සාපේක්ෂ 2.08% ක අඩුවීමක් බවට එරට මාධ්‍ය පෙන්වා දෙයි.

වසර 60කට පසුව පසුගිය 2023 වසරේ සිට මෙසේ ජනගහනයේ අඩුවීමක් පෙන්නුම් කර ඇත.

රටේ ප්‍රසාරණය වන නාගරික පන්තිය සහ වාර්තාගත අඩු උපත් අනුපාතිකය මිට හේතු වී ඇති බවද පෙන්වයි.

මෙලෙස ජනගහනය පහත වැටීම වැළැක්වීම සඳහා චීන රජය 2015 දී එක දරුවෙකු ඇති දැඩි කිරීමේ ප්‍රතිපත්තිය ඉවත් කර ඇති අතර, නව පවුල් ජිවිත ආරම්භ කිරීම සඳහා වැසියන් දිරිමත් කිරීම සඳහා සහනාධාර ලබා දීම සිදු කරන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය: බාලි දූපත

රෂිකා හෙන්නායක ජනවාරි 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රිප්ඇඩ්වයිසර් (TripAdvisor)...

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....