පකිස්ථානයෙන් ඉරානයට ප්‍රති ප්‍රහාර

Date:

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 18.

ලෝකය(අවුට්බවුන් ටුඩේ) : කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (16)වනදා ඉරානය විසින් පකිස්ථානයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් වශයෙන් පකිස්ථානය විසින් ඉරානයේ ත්‍රස්තවාදී ප්‍රදේශ ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කළ බව පකිස්ථාන රජය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයේ හමුදාවට අනුබද්ධ පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ, සිස්ටාන්-බලුචෙස්තාන් හි ක්‍රියාත්මක වන වඩාත් ක්‍රියාකාරී සහ බලගතු සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන ජයිෂ් අල්-අඩ්ල් සටන්කාමී කණ්ඩායමට සම්බන්ධ කඳවුරු දෙකක් ඉලක්ක කර ගත් බවයි.

නමුත් සිවිල් වැසියන් මිය යාමත් සමඟ පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාර සනාථ කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඉරානය විසින් සිය ගුවන් කලාපය ප්‍රකෝපකාරී ලෙස උල්ලංඝණය කිරීම සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් ඉරානයේ Sistan-o-Balochistan පළාතේ සඟවා සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන බලවත් ප්‍රහාරයක් දියත් කළ බවයි.

මේ වන විට පකිස්ථාන රාජ්‍ය ඉරාන තානාපතිවරයාට නැවත රටට පැමිණීම තහනම් කර ඇති අතර පාකිස්තානයෙන් තමන්ගේම නියෝජිතයාද ඉවත් කර ගෙන ඇත.

ඉරාන ප්‍රහාර පැමිණෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුබලය ලබන පලස්තීන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිට මැද පෙරදිග පුරා උත්සන්න වූ ආතතීන් මධ්‍යයේ ය. ඒ අනුව, පසුගිය දින කිහිපය තුළ ඉරාකයට සහ සිරියාවට පසුව ඉරාන ප්‍රහාරයකට ගොදුරු වූ තෙවැනි රට පාකිස්තානයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...