ඩිජිටල් යුගයෙන් යළි ගල් යුගය කරා: ආන්තීකරණයට එරෙහි සටන ‘අන්තවාදී’ ව්‍යාපාරයක් කළ රුසියාව!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): “ජාත්‍යන්තර LGBT මහජන ව්‍යාපාරය” අන්තවාදී ලෙස හංවඩු ගැසීමට රුසියාව ගත් මෑත කාලීන තීරණයෙන් පසුව, LGBTQIA + ප්‍රජාව මේ වනවිට දැඩි තාඩන පීඩන අත්විඳිමින් සිටී. සමරිසි-හිතකාමී ස්ථාන ඉලක්ක කරගත් පොලිස් වැටලීම් ද අඩුවක් නොමැති කාලයක් ඔවුන්ට පැමිණ තිබේ.

ජාත්‍යන්තර වාර්තාකරුවන්ට අනුව, “ජාත්‍යන්තර LGBT මහජන ව්‍යාපාරය” අන්තවාදී ලෙස රටේ ඉහළ අධිකරණය විසින් ලේබල් කිරීමෙන් ටික කලකට පසු, වෙස්මුහුණු සහිත පොලිස් වැටලීම් මොස්කව්හි LGBTQIA+ ස්ථාන ඉලක්ක කරන ලදී.

මෙම විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට ගැසූ අන්තවාදී ලේබලයෙන් පැය 48ක් ඇතුළත මොස්කව්හි සමරිසි-හිතකාමී ස්ථාන තුනක් වටලන ලද අතර, එයින් ඇඟවෙන්නේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට ගසන කනේ පාරක සැරය.

ක්‍රෙම්ලිනය පළමු වරට රුසියාවේ LGBTQ + ප්‍රජාවට එරෙහිව සිය නෛතික ප්‍රහාරය විවෘත කළේ 2013 දී ය. රුසියානු ජනාධිපති Vladimir Putin බාල වයස්කරුවන් අතර “සාම්ප්‍රදායික නොවන ලිංගික සබඳතා ප්‍රචාරණය” තහනම් කළ කුප්‍රකට නීතියට අත්සන් තැබීය.

එපමණක් නොව පුටින්ගේ “සාම්ප්‍රදායික වටිනාකම්” සඳහා වූ පුහු අදහස් සමඟ පසුගිය වසරේ වැඩිහිටියන් අතර ඊනියා “LGBT ප්‍රචාරණය” තහනම් කිරීම නිසා LGBTQIA+ අන්තර්ගත පොත් සාප්පුවලින් ඉවත් කිරීම මෙන්ම සිනමාහල් තුළ ද ඒ සම්බන්ධ අන්තර්ගතයන් ඇතිනම් ඒවා ද ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.

අන්තවාදී ලේබලය වැදුණු “ජාත්‍යන්තර LGBT මහජන ව්‍යාපාරයේ” කොටසක් ලෙස සලකනු ලබන ඕනෑම පුද්ගලයෙකු හෝ සංවිධානයක් ඉලක්ක කර ගැනීමට බලධාරීන්ට හැකියාව ලබා දී ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

Gena Marvin සහ Karen Shainyan වැනි ප්‍රමුඛ පෙළේ LGBTQIA+ ක්‍රියාකාරිකයින් ආරක්‍ෂාව හේතුවෙන් රුසියාව හැර ගොස් ඇත. ඒ තරම් මෙම කරුණ බැරෑරුම් අදියරක පවතින බව පෙනේ.

LGBTQIA+ සරණාගතයින් සරණාගත ක්‍රියාවලියේදී අභියෝගවලට මුහුණ දෙන අතර, ඔවුහු අත්විඳින කටුක ජීවන තත්වයන් සහ රුසියාවේ පීඩාකාරී තත්ත්වය හේතුවෙන් මානසික සෞඛ්‍ය අරගල වලට ද මුහුණ දෙති.

යුරෝපයේ රුසියානු LGBTQ+ සාමාජිකයින් සඳහා වන සරණාගත ක්‍රියාවලිය ඉතා අභියෝගාත්මක වන අතර ඊට අවම වශයෙන් වසරකට වැඩි කාලයක් ගත විය හැකිය” යනුවෙන් නෙදර්ලන්තයේ සරණාගත විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට සැරිසැරීමට උපකාර කිරීම සඳහා විශේෂිත වූ සංවිධානයක් වන LGBTQ World Beside හි ප්‍රධානියා වන Harlem පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...