ශාලිකාව වල් වදියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 18 කොළඹ (LNW): බොහෝ අය තවමත් සිතන්නේ කොළඹට කිරි ගමට කැකිරි කියා ය.කොළඹටත් කිරි තබා කැකිරිවත් නොලැබෙන තැන් විශාලය.ලංකාවේ දුප්පත්ම පාසල් අගනුවර සහ ඊට ආසන්න ප්‍රදේශවල කොතෙකුත්ය.ඒ දරුවන්ගේ ජිවිතවල ඛේදවාචක අපමණය.එසේ නොවන සුපිරිම පාසල් ද ඇත්තේ කොළඹය.එහෙත් ඒවාටත් කැකිරිවත් නැති අංශ ද ඇත.ඒ දේවල් බොහෝ විට හමුවන්නේ ක්‍රීඩාවේදි ය.කීඩා කරන්න ඉඩ පහසුකම් නැතිව සුපිරි පාසල් පවා කොළඹ වටේ පිට්ටනි සොයා වන්දනා කරන අවස්ථා එමටය.එයින් කිරි එරෙන්නේ පිට්ටනි අයිති ආයතනවලටය.

එහෙත් එවැනි පිට්ටනි ද තමන් අතේ ඇති කිරි විදුරුවලට ගොම හලාගෙන නිශ්ශබ්දව බලා ඉන්න තැන් ද කොළඹ ඇත.උදා වී සහ උදාවෙමින් පවතින පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා වැඩ සටහන් නිසා පාසල් මෙන්ම පෞද්ගලික පුහුණුකරුවන්ටත් ප්‍රයෝජන ගත හැකි පොදු බිමක් වන නාරාහේන්පිට ශාලිකාවද කිරි වීදුරුවට මේ මොහොතේ සිටින්නේ ගොම හලාගත් නියායෙන්ය.එම පිට්ටනිය භාවිතයට නොහැකි ආකාරයට තණකොළ වැවී ඇත.

රජයේ ආයතනයක් වන ගමනා ගමන මණ්ඩලයට අයත් මේ පිට්ටනිය ගැන ගමනා ගමන මණ්ඩලයේ සේවක අයිතීන් ගැන වැටුප් ගැන කතා කරන වෘත්තීය සමිති ද ඇස් ඇර බලන බවක්වත් නොපෙනෙන්නේය.තමන්ට ලැබෙන්නට තිබෙන දේ ගැන පමණක් සටන් නොකර ආයතනයට ලැබෙන්නට ඇති මෙවන් දේ ගැන ද අවධානය යොමු කරන්නේනම් වැදගත්ය.ගන්න මිස උපයන්න සටන් කිරීම සහ කැපවීම නොදන්නා බවට මෙය සාක්ෂියක් බව එහි අහළ පහළ ගැවසෙන අයගේ අදහසය.රට කරවන අය මෙන්ම රට කරන්න මුළු ඇඟේ හැම රෝම කූපයකින්ම කැපවෙන බව දේශපාලන පක්ෂ නියෝජනය කරන ලංගම වෘත්තීය සමිති නියෝජිතයන්ට ද තමන් වැටුප් ලබන ආයතනයට ආදායමක් ලබා දෙන ක්‍රිඩාංගණය විනාශයට යාම ගැන හෝ එය නිවැරදිව කළමණාකරණය නොකිරිම ගැන වගේ වගක් නැත.මේ චෝදනා බොරු නොවන බව අද (ජනාවර් 18) ගත් මේ ඡායාරූප පෙළෙන්ම පැහැදිළි කර ගන්නට අපහසු නැත.

මේ ආයතනය භාර අමාත්‍යවරයා වන්නේ බන්දුල ගුණවර්ධනය.ඔහු සාමාන්‍යයෙන් උපයන හැටිත්,කළමණාකරණය කරන හැටිත් හොඳටම දන්න බව පෙන්නන ඇමතිය.මහින්ද ළඟ සිටින විට මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තියත්,රනිල් ළඟ ඉන්න විට රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියත් ඇලපිල්ලක් පාපිල්ලක් නෑර නිවැරදි බව කියන්නට කෙළ වීසි කරමින් තර්ක මවන්නට දක්ෂ ආර්ථික විශේෂඥ බන්දුල,තමන්ගේ ආයතනයකට මුදල් උපයන්නට හැකි ශාලිකාව වල් වැදීමෙන්,තමන්ගේ ඡන්ද දායකයන්ගේ දරුවන්ට ක්‍රීඩා කරන්නට තැනක් අහිමිවීම ගැන හෝ එයින් තමන් පාලනය කරන අමාත්‍යංශයට අයත් ආයතනයකට විශාල ආදායමක් අහිමිවීම ගැන නොතකා සිටින්නේ වෙන කුමන හෝ ලාභයකට ශාලිකාවටත් වැඩක් දෙන්නදැයි සැක සහිතය.

කොළඹ අවට පාසල්වලට මේ ක්‍රීඩා පිටිය ලබාදීමෙන් ආදායම උපයද්දී රජයට සම්බන්ධ ආයතනයක් හැටියට වෘත්තීය සමිති ද එක්ව පාසල්වල ආර්ථිකයට සරිලන ආකාරයට අය කිරිම් සකස් කර දුප්පත් පාසල්වලට සහනයක් දීම සළකා බැලීමද වටින්නේය.එසේම ආර්ථික අපහසුකම් ඇති දරුවන් තෝරා ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා ශිෂ්‍යත්වයක් ලෙස නොමිලේ පුහුණුවට ක්‍රීඩා පිටිය ලබා දීම වැනි වැඩ සටහන් ද ක්‍රියාත්සක කළ හැකිය.එහෙත් බන්දුල ගුණවර්ධනලා වැනි ආර්ථික ඔස්තාර්ලාට ඡන්දය දිනිමෙන් පසුව ඒවා සිහියට නැඟෙන්නේ නැතිය.ශාලිකා යනු ඔලිමිපික් මට්ටමට ගිය මලල ක්‍රීඩකයින් නිර්මාණය කරන්න දායක වූ පිටියකි.ඒ ස්වර්ණමය ඉතිහාසය වළලා දමා ක්‍රීඩාංගණයේ ආදායම හෝ තර කරගන්න කටයුතු නොකරන තත්ත්වයට පත්වීම සමස්ත ක්‍රීඩාවටම බලපාන ඛේදවාචකයකි.

මේ සමඟ ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය පෙන්වන ඡායාරූප කිහිපයකුත් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...