ශ්‍රී ලාංකිකයන්ට උපරිම සේවයක් කරන බව ඉන්දීය නව මහ කොමසාරිස්වරයා මහනුවර දී පවසයි.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 18, මහනුවර(LNW): ඉන්දු ශ්‍රී ලංකා මිතුදම තව දුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ දියුණුවට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය නව මහකොමසාරිස් සන්තෝෂ් ජා (H.E. Santhosh Jha ) මහතා පැවසීය.
මෙරට ජනතාවට උපරිම සේවයක් කිරීමට ඉන්දිය දේශපාලන නායකත්වයෙන් තමන්ට උපදෙස් ලැබුණේ මම ධූරය භාර ගැනීමට ප්‍රථමයෙන් යැයි ද ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය නව මහ කොමසාරිස් ධූරයට පත් සන්තෝෂ් ජා (H.E. Santhosh Jha ) මහතා අද (18) මහනුවර සංචාරයකට එක්වූ අතර එහිදී මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් හමුවේ ඒ මහතා මේ බව කීවේය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඒ මහතා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය.

අස්ගිරි මහ විහාරයට පැමිණි ඒ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය.

සියවස් ගණනාවක සිට දෙරට අතර පවතින මිතුදම තව දුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බව එහිදී කී මහ කොමසාරිස්වරයා බුද්ධ ධර්මය ඉන්දියාවෙන් මෙරටට හිමිවීමත් සමඟ නොබිදෙන ආගමික හා සංස්කෘතික බැදීමක් පවතින බව ද කීහ.
ඉන්දියාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා කරන බව ද ඒ මහතා තවදුරටත් පැවසුවේය.
ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය ද මෙම අවස්ථාවට එක්වූවාය.


ඡායාරූප –
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඉන්දීය නව සහකාර මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පිච්ච මල්වට්ටියක් ලබා දෙමින් ශ්‍රී දළදා මාලිගාවේදී පිළිගන්නා ලද අයුරු

සහ
නව මහ කොමසාරිස්වරයා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවූ අවස්ථාව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...