වසර 16කට පසු වික්ටර් ඕර්බන් පරාජය කරමින් හංගේරියානු විපක්ෂය මැතිවරණ ජය තහවුරු කර ගනියි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(12) දිනයේදී හංගේරියාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වික්ටර් ඕර්බන්ගේ වසර 16ක බලයේ ග්‍රහණය අවසන් කර පීටර් මැග්යාර්ගේ නායකත්වයෙන් යුත් හංගේරියාවේ විපක්ෂ ටිසා පක්ෂය තුනෙන් දෙකක විශාල බලයක් සහිතව මැතිවරණය ජයග්‍රහණය කර තිබේ.

ඡන්දවලින් 98.74% ක් ගණන් කර ඇති විට, මැග්යාර්ගේ ටිසා පක්ෂය රටේ පාර්ලිමේන්තුවේ ආසන 199 න් 138 ක් දිනා ගැනීම නිවේදනය කළ අතර මෙමඟින් ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රධාන නීති සංශෝධනය කිරීමට හැකියාව ඇති සුපිරි බහුතරයක් ලබා දී ඇති අතර, ඕර්බන් සහ ෆිඩෙස් විසින් සිදු කරන ලද සමහර වෙනස්කම් ආපසු හැරවීමටත්, යුරෝපා සංගම් අරමුදල් අගුළු ඇරීමටත් මින් හැකි වනු ඇතැයි යෝජනා කෙරේ.

හංගේරියාවේ යුරෝපා සංගමය සමඟ ඇති වූ පළුදු වූ සම්බන්ධතාවය අලුත්වැඩියා කිරීමට, දූෂණය මැඩපැවැත්වීමට සහ දිගු කලක් නොසලකා හරින ලද මහජන සේවාවන් සඳහා අරමුදල් යොමු කිරීමට මැග්යාර් පොරොන්දු වී ඇත.

ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ප්‍රංශය, ඉතාලිය, ඊශ්‍රායලය ද ඕර්බන් නැවත නැවතත් අනුමත කර තිබු අතර දේශපාලනඥයෙකු සහ නීතිඥයෙකු වන 42 හැවිරිදි පීටර් මැග්යාර්ගේ ජයග්‍රහණයත් සමඟ යුරෝපය පුරා නායකයින් ප්‍රතිඵලය ප්‍රශංසා කළ අතර, කීර් ස්ටාර්මර් එය සමාජ මාධ්‍යවල හංගේරියාවට පමණක් නොව යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදයට ඓතිහාසික අවස්ථාවක් ලෙස විස්තර කර තිබිණි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, මැග්යාර් සමඟ සුබ පැතීමට කතා කළ බව පැවසූ අතර, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, මැග්යාර් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...