මුදල් වංචනිකයින්ට වෙන්න යන දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): රටේ සෑම ප්‍රදේශයකම මූල්‍ය වංචා තත්ත්වය බරපතළ ලෙස පවතින බැවින් ජනතාවගේ මුදල් වංචා කරන පුද්ගලයින්ගේ ඡායාරූප ද ඉදිරියේදී ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත විශේෂිත කැමරා පද්ධතියට ඇතුළත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මධ්‍යම පන්තියේ ජනතාව ආයෝජනය කරන මුදල් එකතු කරන කුඩා මූල්‍ය සමාගම් මෙලෙස විශාල මුදලක් එකතු කරගැනීමෙන් පසු රටින් පළායෑමේ තත්ත්වයන් පාලනය සඳහා මෙම පියවර ගැනීමට නියමිත බව වැඩිදුරටත් තෙන්නකෝන් මහ්තා කියා සිටී.

දේශබන්දු තෙන්නකෝන් මහතා එ පිලිබඳ පැහැදිළි කළේ,

“රටේ මූල්‍ය වංචා තත්ත්වය සෑම ප්‍රදේශයකම ඉතාම බරපතළ විදියට තියෙනවා. මධ්‍යම පන්තියේ අය ආයෝජනය කරන මුදල් එකතු කරගන්නා කුඩා මූල්‍ය ආයතන, බැංකු, ණය ලබාදෙන සමිති විශාල මුදලක් එකතු කරගෙන රටින් පැනයෑමේ ස්වභාවයක් තිබෙනවා. ඒ අනුව ඉදිරි මාසයක කාලය ඇතුළත පොලීසිවලට ලැබී තිබෙන පැමිණිලිවලට අදාළව මෙවැනි වංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ගේ ඡායාරූපත් අපගේ දත්ත පද්ධතියට ඇතුළත් කරනවා.

මුහුණ මගින් අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත කර තිබෙන එම පද්ධතියට මෙම ඡායාරූපත් ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් තදින් ක්‍රියාකිරීමේ හැකියාවක් පොලීසියට ලැබෙයි.

යනුවෙන් හෙතෙම පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...