ගැටිස්සියන්ගේ ලෝක කුසලානයේ පළමු දිනයට වැස්සෙන් බාධා

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

මැලේසියාවේ පැවත්වෙන අවුරුදු 20 න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ පැවත්වීමට නියමිතව තිබූ තරග 6 න් ජය පරාජය විසඳුණේ තරග තුනක පමණයි.අන් සියළු තරග අයහපත් කාලගුණය හේතුවෙන් තීරණයක් නොමැතිව අවසන් කිරීමට සිඳු වුණා.ඉන් තරග දෙකකදීම එකඳු පන්දුවක් හෝ යැවීමට හැකියාව ලැබුණේ නැහැ.


ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් කඩුලු 9 ක ජයක් ලබා ගන්නට ඕස්ට්‍රේලියාවට හැකි වෙනවා.එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය ලකුණු 48 සීමා කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ඉනික්බිතිව කඩුලු 1 ට ලකුණු 49 ක් ලබා ගනිමින් ජය ගන්නට සමත් වෙනවා.


නේපාලය සහ බංගලාදේශය අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නේපාලය ලකුණු 52 ට සීමා කිරීමට බංගලාදේශයට හැකි වෙනවා.අදාළ ලකුණු 53 ක ඉලක්කය වෙත කඩුලු 5 ක් පූජා කිරීමෙන් අනතුරුව ළගා වෙන්නට බංගලාදේශයට හැකි වෙනවා.‍


වර්ෂාව නිසා පන්දු ඕවර් 11 ක ට සිමා වූ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගයේ ජයග්‍රහණය ලකුණු 22 න් අත් කර ගන්නට දකුණු අප්‍රිකාවට සමත් වෙනවා.එහිදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර් 11 නිමාවේ කඩුලු 7 ට ලකුණු 91 රැස් කරන්නට සමත් වෙනවා.ලකුනු 92 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට කඩුලු 5 ක් පමණක් අහිමි වුණත් රැස් කර ගැනීමට ලැබෙන්නේ ලකුණු 69 ක් පමණයි.


ඊයේ දවසේ අතර මැඳ අත හැර දැමූ තරගය වූයේ එංගලන්තය සහ අයර්ලන්තය සහභාගි වූ තරගයයි.එහිදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 144 ක් රැස් කරන අතර පිළිතුරු ඉණිසට මුුහුණ දෙන අයර්ලන්තයට අයහපත් කාලගුණය ඇති කළ පීඩනය හමුවේ මුහුණ දෙන්නට වන්නේ පන්දු ඕවර් 3.5 ට පමණයි.එහිදී අයර්ලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 28 ක් රැස් කර ගන්නට සමත් වෙනවා.


මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන තරගය අද උදෑසන 8.00 ට ශ්‍රී ලංකාවේ වේලාවෙන් ආරම්භවීමට නියමිත වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...