කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW:

වර්ෂ 2011 දී මාතරින් නිමාව දුටු තෙදින පාපැදි සවාරියක සංවිධානයේ බර කරට ගත් ජාතික තරුණ සේවා සභාව මූලිකව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එවකට ශ්‍රී ලංකාවේ පාපැදි සූරතාවයක දුන් වැඩිම ත්‍යාග මුදල පිරිනැමීය.එය දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් සෙනවිරත්නය.ඊට මාතර තරගය අවසාන කිරීමට පෙර සිඳු වූ අනතුරකින් මුල් පොකුරේ සිටි ධාවකයන් ඇඳ වැටීම ද හේතුවක් වූ අතර ඒ නිසා සැළකිය යුතු කාල පරතරයකින් මාතරින් පළමුවැන්නා ලෙස තරගය නිමා කරමින් ඔහු එම සූරතාවය දිනා ගත්තේය.

මේ තරගයේ පළමු අදියර සියඹලාණ්ඩුවෙන් නිමා කළ අය අතර සිටි සමීර උදයංග මේ තරගාවලියේ තෙවැන්නා වූ අතර ඔහු තරගයට සහභාගි වෙමින් සිටියදී ඔහුට තිස්ස සිට මාතර දක්වා පැමිණීමේදී සහය දැක්වීමට නිවසින් පිටත් වී පැමිණි ඔහුගේ පියා වල් අලි ප්‍රහාරයකින් මිය යාම ද මේ තරගය සමඟ බැඳී පවතින ශෝකී පුවතක්ය.


මෙවර පැවත්වූ යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කළ ලංකා රයිඩ් පාපැදි සවාරිය මෙරට යෞවන කටයුතු අමාත්‍යංශයක් සම්බන්ධ වූ දෙවන තෙදින පාපැදි සවාරිය වන අතර 2011 දී ජයගත් ලක්ෂ්මන් සෙනවිරත්න යුද හමුදාවේ වූ අයුරෙන්ම මෙවර තරගය ජය ගත් සාරංග පෙරේරා ද යුද හමුදා පාපැදි ක්‍රීඩකයෙක්ය.සාරංග මෙම පාපැදි සවාරියම සිය අණසකට යටත් කර ගනිමින් සියළු ඉරියව්වන් හී කැපී පෙණෙන දස්කම් දැක්වීය.

ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ඔහු විය.කඳු නැඟීමේ සූරතාවය ලද්දේ ද සාරංගය.පළමු දිනයේ දෙවැන්නා ලෙස ද තරගය නිම කළ අතර එතැන සිට උපක්‍රමිකව කාලය ජයග්‍රහණයට අවශ්‍යය පරිදි කළමණාකරනය කර ගනිමින් කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු ජයග්‍රාහකයා බවට පත් වෙන්නට සාරංග ට හැකි විය.


සාංරංග දෙවැන්නා වූ නාවික හමුදාවේ සුපුන් චන්දිකට වඩා තත්පර 4 ක් ඉදිරියෙන් සිට තරගය ජය ගත් අතර තෙවැන්නා වූයේ මෙහි මූලික අදියර ජයගත් යුද හමුදාවේ සඳරුවන් පිංතු ය.ඔහු ගත කළ සම්පූර්ණ කාලය පැය 10:37:02 චන්දිකගේ කාලය හා සම වුව ද පළමු දිනයේ පළමු ස්ථානය ගත්ත ද තරගයේ ඉතිරි දෙන දෙකේදී චන්දික පිංතුට ඉදිරියෙන් සිට දස්කම් දැක්වීම නිසා පිංතුව අභිබවා යාමට චන්දිකට හැකි විය.තෙවැන්නාට වඩා තත්පර 5 ක් පසුපසින් තරගය නිමා කළ ජාඇල ෆ්ලයින්ග් වීල් හී දේශාන් කාවින්ත සිව්වැනි තැන මෙන්ම අවුරුදු 23 න් පහළ තරගකරුවන් අතර පළමුවැන්නා ලෙස ද ඇගයීමට පාත්‍ර විය.


අනුරාධපුරයේ සිට කොළඹට පැමිණි පාපැදි ගමනේ පළමුවැනියාගේ සිට පස්වැනියා දක්වා ස්ථාන දිනා ගත්තේ පහත ක්‍රීඩකයින්ය.
*පස්වන ස්ථානය යුද හමුදා කණ්ඩායමේ එච්. ඒ. එම් පෙරේරා
*සිව්වන ස්ථානය දෙහිවල ගල්කිස්ස ක්‍රීඩා සමාජයේ ගිහාන් ලක්මාල්
*තුන්වන ස්ථානය ගුවන් හමුදා කණ්ඩායමේ දිල්ශාන් තරුෂ
*දෙවන ස්ථානය සුපර් ස්පීඩ් ක්‍රීඩා සමාජයේ ප්‍රවීන් සදෙරු
*ප්‍රථම ස්ථානය යුද හමුදා කණ්ඩායමේ ආර්. ටී. එස් දයානන්ද
මීට අමතරව සමස්ත පාපැදි සවාරියේ මුල් විසිපස් දෙනාටම ත්‍යාග පිරිනෑමීම ද මෙහිදී සිඳු විය.


ක්‍රිඩා අමාත්‍යවරයා පවසන ආකාරයට මෙහි ත්‍යාග මුදල් සඳහා වෙන් කර ඇති මුදල ලක්ෂ 41 ද ඉක්මවා ගොස් ඇත.සැළකිය යුතු කාලයකට පසුව පාපැදි ලෝලීන්ව මඟ දෙපස පේළි ගැස්සූ ජාතික පාපැදි සවාරියක් වූ ලංකා රයිඩ් සවාරිය, පාපැදි ජීවිතවලට විශාල අත්දැකීම් සමුදායක් තැන්පත් කළ තරගාවලියක් විය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...

ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW : ත්‍රස්තවාදය වැළැක්වීමේ...

පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

අගමැති හරිනි ස්විස්ටර්ලන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි...