පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW:

දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තෙවන තරගයේදී නැවතත් පරාජයකින් පසු බසින්නට ශ්‍රී ලංකාවට සිඳු වුණා.ඒ ගෝල 5-2 ක් ලෙස පකිස්තානයට එරෙහිවයි.


පකිස්තානය පළමු අර්ධය නිමා කරන්නේ ගෝල 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටයි.දෙවන අර්ධයේදී තවත් ගෝල 2 ක් රැස් කළ පසුව ෆයිසල් විසින් රැස් කරන ලද ගෝලයත් සමඟ 4-1 ක් ලෙස ලකුණු සටහන වෙනස් වුණා.තවත් සුළු කාලයක් තුළ පකිස්තානු දැල රකින්නා ද යොදවා ගනිමින් පකිස්තානය ගෝලයක් රැස් කර පරතරය 5-1 ක් ලෙස සටහන් කර ගන්නට සමත් වෙනවා.තරගය නිමා වන්නට සුළු වේලාවක් තිබියදී අබ්දූල් අසීස් විසින් රැස් කරල ලද ගෝලයත් සමඟ පරාජයේ පරතරය තවත් එක් ගෝලයකින් අඩු කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.


ඒ අනුව භූතානය සමග ජය පරාජයෙන් තොරව තරගය අවසන් කරගෙන සිටින ශ්‍රී ලංකාව මේ වන විට නේපාලය සහ පකිස්තානය වෙතින් පරාජය ලබා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...