මිලානෝ හි කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය පිළිබඳ විදේශ අමාත්‍යාංශ ශෝකය පළකරයි

Date:

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි සඳුදා දින ඉතාලියේ මිලානෝහි දී අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද ඩී. ඩී. නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළ කර සිටියි.  

අභාවප්‍රාප්ත කොන්සල් ජනරාල් වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වන විට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති අතර අදාළ විධිවිධාන අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත ය.

අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් 2021 දෙසැම්බර් 29 වැනි දින ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස වැඩ භාර ගන්නා ලදි.

මෙම මොහොතේ දී අභාවප්‍රාප්ත කොන්සල් ජනරාල් වික්‍රමසිංහ මහත්මියගේ වියෝව හේතුවෙන් ශෝකයට පත්ව සිටින පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් අයටද විදේශ අමාත්‍යාංශය සිය සාතිශය සංවේගය පළ කර සිටියි.

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2022 ජනවාරි 18 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...