*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පැරදුණු 22 තිබුණේ චාමිකගේ පන්දුවල ද? දසුන්ගේ නායකත්ව ශතකයක්

සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ දෙවන එක්දින තරගය ලකුණු 22 න් පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිඳු වුණා.පල්ලෙකැලේ තණතිල්ල ලකුණු පාරාදීසයක් බව බොහෝ විචාරකයන් මේ තරග දෙකට අදාළව පවසනවා.එවැනි තත්ත්වයක මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ලබා ගන්නට පහසුම මඟ කාසියේ වාසිය දිනීම වුණත් තරඟ දෙකේදීම නායක දසුන් ශානකට ඒ අවස්ථාව උදා වෙන්නේ නැහැ.එහෙත් පළමු තරගයේදී එවැනි පසුබිමක ලබා ගන්න අපහසු ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා ගන්නට හැකි වුණා.


පැවති තරග දෙකෙන් පළමු තරගයෙ දී සිම්බාබ්වේ කණ්ඩායම රැස් කරන ලද ලකුණු ප්‍රමාණය 296 ක්.දෙවැනි තරගයේදී එය ලකුණු 302 ක් වුණා.ඒ හරහා පැහැදිළිවන්නේ පහර දීමට සුදුසු තණතිල්ලකදී අත දිග හැර ගහන්න පිරිස් සිම්බාබ්වේ සතුව සිටින බවයි.එවැනි තත්ත්වයක කඩුලු දවා ගැනීම හෝ ලකුණු පාලනය කියන කාරණා හොඳින්ම ඉෂ්ඨ කරන පන්දු යවන්නාට වැඩි අවස්ථාවක් දිය යුතුයි.


පළමු තරගයේ දි සිම්බාබ්වේ ඉණිමේ අවසාන පන්දු දෙක හැරෙන්නට හොඳින්ම පන්දු යවමින් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා වූයේ චාමික කරුණාරත්නයි.කඩුල්ලටම පන්දුව යොමු කරමින් ඔහු එහිදි දවාගත් කඩුලු තුනම කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දවා ගත්තා.ඒ නිසාම ඊයේ ප්‍රහාරයට ගොස් අනතුරේ වැටීමට වඩා කඩුල්ල බේරා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයන් චාමිකට පෙර තරගයට වඩා ගෞරවයෙන් සැළකුවා.එක් කඩුල්ලක් දවා ගත් අතර එයත් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය කඩුල්ලක් වුණා.


පන්දු ඕවර් 6 ට ලකුණු 24 ක් පමණක් ලබා දෙමින් ඔහු පන්දු යැව්වද ඉතිරි පන්දු ඕවර් 4 සඳහා ඔහුට අවස්ථාවක් හිමි වුණේ නැහැ.සමහර විට පන්දු යවන්නන්ගෙන් ලකුණු ලබා දී ඇති ආකාරය සසඳද්දී ශ්‍රී ලංකාව පරාජයට පත් වූ ලකුණු ප්‍රමාණය වූ 22 චාමිකගෙන් ගිලිහි ගිය පන්දු ඕවර 4 තුළ රැක ගන්න තිබුණු ලකුණු ද විය හැකියි.


කෙසේ හෝ සිම්බාබ්වේ මුල් පෙළ පිතිකරුවන් ලෙස රෙගිස් චකබ්වා (47),ෂේන් විලියම්ස් (48) සහ නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ ක්‍රේග් එවින්ස් (91) කඩුලු ලබා නෙදෙමින් සංවිධානය කළ සිම්බාබ්වේ ඉණිමට අවසාන භාගයේ දී සිකන්දර් රාෂා ලකුණු 56 ක් එකතු කළා.ඒ අනුව කඩුලු අටට ලකුණු 302 දක්වා ගිය සිම්බාබ්වේ ඉණිමේ කඩුලු 3 ක් ම හිමි කර ගන්නට ජෙෆ්රි වැන්ඩර්සේ සමත් වුණා.ඒ ලකුණු 51 ක් ලබා දෙමින්.නුවන් ප්‍රදීප් කඩුලු දෙකක් ලබා ගත්තත් ඔහුගෙන් උදුරාගත් ලකුණු ගණන 74 ක් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 63 ට බිඳ වැටී තිබියදි නායක දසුන් ශානක සහ කමිඳු මෙණ්ඩිස් එක්ව ලකුණු 118 ක සබඳතාවයක් පස්වන කඩුල්ල වෙනුවෙන් ක්‍රියාත්මක කළා.ලකුණු 57 ට කමිදු දැවි යාමත් සමඟ හයව කඩුල්ලට පිටියට පිවිසි චාමික සහ දසුන් තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමින් හයව කඩුල්ල වෙනුවෙන් ඇති කරන ලඳ සබඳතාවය ලකුණු 67 ක්.දසුන් නායකයෙක් ලෙස අති විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කරමින් සිය පළමු එක්දින ශතකය වාර්තා කර (102) දැවී යද්දීත් චාමික යම් බලාපොරොත්තු සහගත පිතිකරණයක සිටියත් ලකුණු 34 ක් ලබා සිටි ඔහුගේ දුවද්දී දැවීයාමෙන් පසු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට නතු වුණා.


ටෙන්ඩායි චත්රා සහ බ්ලෙසින්ග් මුෂරාබනී කඩුලු 3 බැඟීන් ලබා ගත්තේ පිළිවෙලින් ලකුණු 52 ක් සහ 56 ක් ලබා දෙමින්.ශ්‍රී ලංකා පිතිකරුවන් සැළසුමක් සහිතව වැඩි ඉවසීමකින් සිය ඉණිම් සංවිධානාත්මකව මෙහෙයවීමට පළපුරුද්දෙන් මෝරා ආ යුතු බවක් ඇතැම් පිතිකරණ හැසිරීම් පැහැදිළි කළා.එක ඉණිමකින් දෙකකින් තමන්ගේ වගකිම නිමා නොවන බව තරුණ ක්‍රිඩකයින් තේරුම් ගැනීම වැදගත්.තරුණ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සම්බන්ධයෙන් දක්වන උනන්දුවට තරග කළමනාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් එකතු කරගත යුතු බව මෙහිදි තව දුරටත් පැහැදිළි වුණා.නමුත් මෙම පරාජය නරක තත්ත්වයකට වඩා ජයග්‍රාහි ගමනකට මාවත ලෙස පරාජයේ හේතු සාධක අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan