මිලියන 400ක ලාභ පෙන්වූ මිල්කෝ සභාපතිව ගෙදර යවන්න හදන්නේ කවුද?(VIDEO)

Date:

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව පත්කර ඇති බවට වාර්තා වී තිබුණු අතර එම වෙනස් කිරීම ගැන තමන්ව දැනුවත් කර නැති බවයි ලසන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ.

ඒ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

මෙම පුවත සම්බන්ධයෙන් තමන්ද දැනගත්තේ මාධ්‍යයෙන් වන බවයි ඔහු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පැවසුවේ එම වෙනස් කිරීම ගැන ජනාධිපතිවරයා නොදන්නා බව යැයිද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් රේණුක පෙරේරා මහතා පැමිණ රාජකාරී භාරගන්න තුරු සිය වගකීම ඉටුකරන බවයි ඔහු පැවසුවේ.

”වසර දෙකක් ඇතුළත වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා පසුගිය අවුරුද්දෙත් මිලියන 400ක ලාභයක් ලබන ආයතනයක් බවට පත්කළා. ඊට පෙර වසරේත් මිලියන 400ක ලාභයක් ලැබුවා. ඒ වගේම කිරි ගොවියන්ට කිරි සඳහා ගෙවන මිල අවසන් වශයෙන් වැඩිකරලා තිබුණේ 2015 දී. නමුත් පහුගිය අවුරුදු දෙක තුළ අපි කිරි ගොවියන් සඳහා ගෙවන මිල 30%කින් වැඩි කළා. වැඩකරන සේවකයින්ට පාරිතෝෂික දීමනා පසුගිය අවුරුද්දේ දෙවරක් ගෙවනු ලැබුවා. ලාභයෙන් 10%ක් අපි සේවකයන්ගේ පාරිතෝෂික දීමනා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපි සන්තෝස වෙනවා අභියෝගය භාරගත් සහ එකට මුහුණ දුන ආකාරය පිළිබඳව.”

එමෙන්ම පහුගිය කාලය තුළ මිල්කෝ ආයතනයේ සියලුම අකටයුතුකම් නතර කර දැමීමට කටයුතු කර තිබෙන බවත් දැන් කිසිවෙකුට හොරකම් කිරීමේ අවස්ථාවක් නොමැති බවත් ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

නමුත් එයට කවුරු හෝ අකමැත්තක් දක්වන්නේ දැයි නොදන්නා බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...