පොලිස් වෙඩි පහරකින් රියදුරෙක් මරුට. ජනතාව නාරම්මල පොලීසිය වටළයි ! (VIDEO)

Date:

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී ඊයේ (18) පස්වරු 06.30 ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වෑත්තෑව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

අදාළ පුද්ගලයා තමන්ට අයත් කුඩා ලොරි රථයෙන් කටුපොත ප්‍රදේශයේ සිට දම්පැලැස්ස ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙසේ වෙඩි වැදී ඇත.

පොලිසිය පවසන්නේ නාරම්මල මාර්ගයේ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම ලොරි රථය නතර කිරීමට අණකර ඇති නමුත් රියදුරා එම අණ නොතකා ධාවනය කර ඇති බවයි. ඒ අනුව ලොරි රථය පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනා දම්පැලැස්ස ප්‍රදේශයේදී එය නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරියා අතින් පිස්තෝලය පත්තු වීමෙන් රියදුරාට වෙඩිවැදී ඇති බවත් වෙඩි වැදුණු පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් ය.

කෙසේවෙතත් සිද්ධිය සිදුවූ අවස්ථාවේ එතැන සිටි පුද්ගලයෙකු එය සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබිණි. එහිදී වෙඩිතැබූ පොලිස් නිලධාරියා එතැන සිටි අයෙගෙන් “මූ මැරෙන්න ඇති නේද ?” යනුවෙන් විමසන ආකාරයත් “ඔහොම මනුස්සයොන්ට තියනවද සර්, වාහනයක් නතර කළේ නෑ කියලා ? බල්ලො බළල්ලු නෙවෙයිනෙ. ඔහොම මරනවාද අප්පා, ඔයාලා මාර මිනිස්සුනෙ” යැයි පවසමින් එම පිරිස විරෝධය පළ කරන ආකාරයත් “අපි නෑ, එහෙම හිතාගෙන නෙවෙයි ආවෙ. නැවැත්තුවෙ නෑනෙ. අපි මේ බය ගන්වන්න මේවා කරේ” යැයි පවසන ආකාරයත් එම වීඩියෝවෙන් දැක්වේ.

සිද්ධිය දුටු අය පවසන්නේ වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති බවයි. පොලීසිය පැමිණ ජීප් රථයෙන් තම නිලධාරියාව ඉවත් කරගෙන ගිය අතර වෙඩිවැදුණු පුද්ගලයාව පැය බාගයක් පමණම එම ස්ථානයෙන් රෝහලක් වෙත හෝ ගෙනගොස් නොමැති බවටත් ජනතාව චෝදනා කරයි.

සිද්ධිය සැළවීමත් සමග නාරම්මල පොලිසිය අසලට පැමිණි ප්‍රදේශවාසීන් පොලිසිය වටකර දැඩි විරෝධය දක්වා තිබුණු අතර එම තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබිණි.

එහිදී විරෝධය දැක්වූ පිරිසට ද පොලිසිය පහර දුන් බවට චෝදනා එල්ල වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...