මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි!

Date:

විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වන මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ද වූ අතර, මහාචාර්ය සෙනෙවිරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

තවද ග්‍රන්ථ රැසක් රචනා කර ඇති බවඳ සඳහන් වේ.

ඉන්දියාවේ නවදිල්ලිහි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙන්ම බංග්ලාදේශයේ ඩකාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කර තිබෙන මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අාදි ශිෂ්‍යයකු වන ඒ මහතා ඉන්දියාවේ විශ්වවිද්‍යාල කීපයකම අධ්‍යාපනය හදාරා තිබේ. දේහය බොරැල්ලේ පිහිටි ඒ.එෆ්. රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති බව දැනුම් දෙයි.

එතුමාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...