පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මියයාම ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

නාරම්මල ප්‍රදේශයේදී ඊයේ (18) සවස පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම සිදුවීම අදාළ පොලිස් නිලධාරියාගේ නොසැලකිලිමත්කම සහ ඔහු විසින් නිසි ක්‍රියාපටිපාටිය පිළි නොපැදීම නිසා සිදුව ඇතැයි නිරීක්ෂණය වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

යම් අනපේක්ෂිත සිදුවීමක් නිසා අමතක වීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වන්නට ඇතැයි අදාළ පොලිස් නිලධාරියා පවසන නමුත් සිද්ධිය පිළිබඳ වැඩිදුර සොයාබැලීමේදී ඔහුගේ දුර්වලතා කිහිපයක්ම දැකගැනීමට ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එසේම පොලිස් නිලධාරීන් 80,000 ක පමණ පිරිසක් රාජකාරියේ නිරත වන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බව පැවසූ ඒ මහතා මෙම පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පොලිසිය කිසිසේත්ම අනුමත නොකරන බවත් පොලිසිය කිසිසේත්ම මෙවැනි දෑ හිතාමතා නොකරන බවත් මෙම පොලිස් නිලධාරියාගේ ක්‍රියාව නිසා සමස්ත පොලිසියටම අපකීර්තියක් සිදුව ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයකු වන අතර වෙඩි තැබූ පොලිස් නිලධාරියා 59 හැවිරිදි අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...