මහින්දගේ නිල නිවසේ තක්සේරු කුළිය ලක්ෂ 46 යි. අපි 30,000ක් දීලා ගේ ගන්නවා – ජනපති අනුර

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස තමන් මෑතකදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවා තක්සේරු කරවූ බවත් එම තක්සේරුව අනුව එහි මාසික කුළිය රුපියල් ලක්ෂ 46ක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා අවුරුද්දකට වියදම් කරලා තියෙනවා මිලියන 700ක්. පොලීසිය, හමුදාව, නාවික හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා. 60 යි. තව කෙඳිරි ගෑවොත් 60ත් අයින් කරනවා. 60 තියාගෙන ඉන්න මහත්තයෝ, මදි මදි කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. මම මේ ළඟදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා. කීයක් වටිනවාද ? තවම ඉඩම තක්සේරු කරගන්න බැරිවුණා ගේ විතරක් තක්සේරු කළා. ගේ තක්සේරුව අනුව මාසික කුළිය ලක්ෂ 46 යි. පනතේ තියෙනවා එක්කෝ හිටපු ජනාධිපතිවරයාට ගෙයක් හිමියි, නැත්නම් පඩියෙන් තුනෙන් එකක් හිමියි. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. 30,000 ක්. එහෙම නැත්නම් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගේ ඉන්න පුළුවන්. මාසෙ කුලියට. කුලිය දුන්නෙ නැත්නම් එළියට. කරන්න ඕනෙ නැද්ද ? චන්ද්‍රිකා ඉන්න ගේත් තක්සේරු කරන්න ගියා, එතුමිය කියලා තිබුණා සති දෙකක් ලන්ඩන්, සති දෙකෙන් පස්සෙ එන්න කියලා. දැන් ඇවිල්ලා ඉන්නෙ, දැන් යවනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 19) කළුතර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...