මොරටුව පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්. ගම්වාසීන් විරෝධතාවයේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (ජනවාරි 19) රාත්‍රියේ මොරටුව පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

ඒ, ගම්වාසීන් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට විරෝධය පාමින් සියයකට අධික පිරිසක් මොරටුව පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධය පළකිරීම හේතුවෙනි.

මොරටුව ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට තොරණක් ඉදිකරමින් තිබී ඇති අතර එහි පැමිණි රථ වාහන පොලීසියේ නිලධාරීන් පිරිසක් මාර්ගය අවහිර වන ආකාරයෙන් එහි රැඳී සිටි පුද්ගලයින් පිරිසක්ව ඉවත් කිරීමට යාමේදී ගැටුමක් ඇතිවී ඇත. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පහරකෑමට ලක්ව ඇති බව සඳහන්.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එම පහරදීම හා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එම අත් අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මොරටුව පොලීසිය අසලට රැස්වීම හේතුවෙන් උණුසුම් තත්වයක් මතුවී තිබුණු අතර තත්වය පාලනය කිරීම සඳහා කතෝලික පියතුමන්ලා කිහිපදෙනෙකු ද එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...