බොරතෙල් මිලෙහි සිදු වූ වෙනස..

රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ LNW :

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි දිනෙන් දින වෙනස්කම් සිදුවන බව නිරන්තරයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ඉකුත් දා බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 119 ක උපරිම අගයක් දක්වා තියුණු ලෙස ඉහළ ගියද, මේ වන විට එම අගය ඩොලර් 90 ට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇත.

යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ වෙළඳපොළේ පැවති දැඩි නොසන්සුන්තාවය යම්තාක් දුරකට සමනය වී තිබේ.

ඒ අනුව, ඉරානය ආශ්‍රිත යුද ගැටුම් හමුවේ පවා ආසියානු වෙළඳපොළ තුළ තෙල් මිල මේ වන විට සාපේක්ෂ ස්ථාවරත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...