පොරොන්දු වූ පොහොර සහනාධාරයත්, 33% විදුලි බිල අඩුවීමත් හරියට දෙන්න රජයට බැරිවෙලා – සජිත් ප්‍රේමදාස (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගොවිතැනේ නියැළෙන ජනතාවට රු. 25,000 පොහොර සහනාධාරය තවමත් හරිහැටි ලැබී නැති බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදීත් මේ ගැන තමන් ප්‍රශ්න කළ බවත් තවමත් මේ සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණයෙන් 40%ක් පමණක් භාවිත කර ඇති බවත් අංගසම්පුර්ණ රු.25,000 සහනාධාරය හරිහැටි නොලැබී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වන විට ගොයම් පූදින කාලය බැවින් පොහොර සහනාධාර කඩිනමින් දිය යුතු බවත් එදා සුන්දර වචන භාවිත කරමින් කියු දේවල් අද කරන්න නොහැකි වී ඇති බවත් කතාව සහ ක්‍රියාව අතර බරපතල පරතරයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විදුලි බිලේ සහනයවත් හරිහැටි ජනතාවට ලැබී නැහැ

විදුලි බිල 33%කින් අඩු කරනවා කියා මැතිවරණයට පෙර කිව්වත් විදුලි බල ඇමති 37%කින් වැඩි කරන්නට යෝජනා වී ඇති බව නියෝජ්‍ය ඇමති පවසද්දි මාස 6කට විදුලි බිල අඩු කරන්න බැහැයි කියා විදුලි බල මණ්ඩලය කියද්දි මහජන උපයෝගීතා කොමිසම අදහස් යෝජනා ගෙන විදුලි බිල 20%කින් අඩු කරන්න යෝජනා කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ මෙසේ විදුලි බිල අඩු කිරීම මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණයේ දී එක් කතාවක් සහ දැන් තවත් කතාවක් කියමින් ජනතාවගේ ප්‍රබලතම ඉල්ලීම පවා නොසලකා හරින තත්ත්වයට රජය පත්ව ඇති බවත් විදුලි බිල අඩුකිරීම ගැන රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ජනතාව⁣ගේ සුබසිද්ධිය උදෙසා රාජ්‍ය පාලනය කරන හැටිවත් මොවුන් නොදන්නා බවත් සඳහන් කළේය.

ආණ්ඩුව ඇතුලේ කණ්ඩායම් කකුලෙන් අදිමින් වැඩ බැරිකම පෙන්වද්දි අසහනයට පීඩනයට පත් වන්නේ රටේ ජනතාව බවත් මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ ලබා දෙද්දි ඒ සුබ පණිවිඩය ජනතාවට දෙන එක රජයේ වගකීම වුවත් එය හරියට කරන්න නොහැකි වී ඇති බවත් රජය 33% විදුලි බිලේ අඩු කිරීම කරන තුරු ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැලෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ගල්ගමුව සතිපොළ භූමියේ සහ ගිරිබාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...