අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායක CIDයට කැඳවයි

Date:

දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායක මහතාට අද (ජනවාරි 20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

උතුරේ මහවිරු සමරු සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයක් අරුණ පුවත්පත විසින් වැරදි සහගත ලෙස පළකර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව, එම පුවත්පතේ පොලිස් සහ අධිකරණ වාර්තාකරු එස්. අස්ලම් මහතා සහ එම පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත මහතාව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...