මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අද කැඳවයි

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයදුම්පත අද (ජනවාරි 20) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

36344 අංක 1 යටතේ මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට ලැබී ඇති කැඳවීමට අදාළව ය.

ඒ අනුව අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි ද නිකුත් කිරීමට අධිකරණය පසුගිය 15 වනදා නියම කර තිබිණි.