අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (ජනවාරි 20) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
කලක් තිස්සේ අසනීපයෙන් පසුවූ ඒ මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.
තම අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකරන ලෙස වික්ටර් අයිවන් මහතා කර තිබූ ඉල්ලීමක් අනුව අද පෙරවරුවේ සිට ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගාල්ල, රුහුණු මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර සවස 05.00 ට කරාපිටිය දඩැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරේ.