දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

Date:

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා එම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 23 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි.

හෙට (21) දිනයේ දී දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ඒ පිළිබද සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනා සම්මතය අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බ්‍රහස්පතින්දා දිනයේ දී ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...