බ්‍රෙන්ට් බොරතෙල්මිල වසර හතරකට පසු ඉතිහාසයේ ඉහලම අගයට ළඟාවේ

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
වසර හතරකට පසු බ්‍රෙන්ට් බොරතෙල් මිල ඉතිහාසයේ ඉහලම අගයකට ළඟා වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, තෙල් බැරලයක් 17.65% කින් ඉහළ ගොස් ඇති අතර බැරලයක් ඩොලර් 85 ඉක්මවා ගොස් ඇත.

මිට පෙර බ්‍රෙන්ට් බොරතෙල් මිල රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 2022 මාර්තු 4 වන දින ඉහලම අගයක් වාර්තා කළ අතර මෙම සතියේ ඉරානය විසින් කලාපයේ පිරිපහදු මධ්‍යස්ථානවලට සහ කලාපයේ නැව්වලට එල්ල කරන ප්‍රහාරවලින් පසුව තෙල්මි මෙලෙස ඉහල ගොස් ඇත.

ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20ක් ප්‍රවාහනය කරන ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට පහර දෙන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) නිවේදනය කිරීමත් මේවන විට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇත.

අතර පසුගිය පැය 24 තුළ සමුද්‍ර සන්ධිය හරහා නිරීක්ෂණය වී ඇත්තේ තහවුරු කරන ලද වාණිජ සංක්‍රමණ දෙකක් පමණක් වන අතර සාමාන්‍ය කාලවලදී, පැය 24 ක කාලයක් තුළ නැව් 138 ක් පමණ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...