ප්ලාස්ටික් බරපතල අනතුරක්

Date:

පාරිසරික විමර්ශන ඒජන්සිය (The Environmental Investigation Agency-EIA) පවසන්නේ ප්ලාස්ටික් වලින් සිදුවන හානිය පිළිබඳ ලොව පුරා තහවුරු කල සාක්ෂි රාශියක් අද වන විට ඇති බවයි.ඔවුන් දක්වන ලද වාර්තාවකට අනුව, ප්ලාස්ටික් වලින් සිදුවන දූෂණය ගෝලීය හදිසි අවස්ථාවක් වන අතර එය වළක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සක්‍රිය බව අවශ්‍ය බවයි.ප්ලාස්ටික් දූෂණ ද  දේශගුණික විපර්යාසවලට බොහෝ දුරට සමාන වුවකි.

දැන් අප ආශ්වාස කරන වාතයේ ප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු, ආක්ටික් හිම වල ප්ලාස්ටික් අංශු, පසෙහි ප්ලාස්ටික් අංශු සහ අපගේ ආහාරවල ද ප්ලාස්ටික් අඩංගු වන බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.ප්ලාස්ටික් නිෂ්පාදනය සහ අපද්‍රව්‍ය යන දෙකම අඩු කිරීම සඳහා  එක්සත් ජාතීන්ගේ නව පාරිසරික ගිවිසුමකට එකඟ වන ලෙස අදාල ඒජනසියේ සාමජිකයින් ඉල්ලා සිටිති.එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රධාන වශයෙන් පාරිසරික තර්ජන තුනක් හඳුනාගෙන ඇත .

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ දූෂණය යනාදියයි. ජෛව විවිධත්ව විනාශ වීම සහ දේශගුණය පිළිබඳ බහුපාර්ශ්වික ගිවිසුම් වසර 30 කට ආසන්න කාලයක් පැවතුනි.නමුත් ඒවා CO2 වායු විමෝචනය නැවැත්වීමට හෝ ස්වභාවික ලෝකය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇත.ප්ලාස්ටික් ගිවිසුමක් පිළිබඳ අදහසට මෑත වසරවලදී සමහර රටවල් විරුද්ධ විය.

එහෙත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 100කට වැඩි ප්‍රමාණයක් පෙබරවාරි සහ මාර්තු මාසවල පැවැත්වෙන මීළඟ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ප්ලාසිටික් සම්බන්ධ යෝජිත ගිවිසුමකට කැමැත්ත පළ කරන බව පැවසේ.

SAHAN HEWAGAMAGE OUTBOUNDTDOAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...