*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

සානියා මිර්සා ටෙනිස් පිටියට සමු දෙයි

ඉන්දියාවේ ප්‍රකට සුරූපී ටෙනිස් ක්‍රීඩා තරුවක් වන හිටපු විම්බල්ඩන් යුගල ශූරිය වන සානියා මිර්සා 2022 වසරෙන් පසු ටෙනිස් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල ඉසව්වේ පළමු වටයේ පරාජයෙන් පසුව මිර්සා මෙම තිරණය ගෙන තිබේ.

35 හැවිරිදි මිර්සා 2005 වසරේ WTA කේවල ශූරතාවක් දිනූ පළමු ඉන්දියානුවා බවට පත්විය.WTA Tour යනු ලෝක කාන්තා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන ලද කාන්තාවන් සඳහා වූ ලොව  ඉහළ පෙළේ ටෙනිස් සංචාරයකි. 2015 දී මිර්සා ස්විට්සර්ලන්ත ක්‍රීඩිකාවක් වන මාර්ටිනා හින්ගිස් සමඟ විම්බල්ඩන් ජයග්‍රහණය කළ අතර පසුව එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ජයග්‍රහණය කිරීමට සමත් විය.2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඇය සහ රොහාන් බෝපන්න වීනස් විලියම්ස් සහ රජීව් රාම්ට එරෙහිව අවසන් පූර්ව වටයට ක්‍රීඩා කරන විට ඇය ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීමට ආසන්න වූ නමුත් අවසානයේ පරාජයට පත් වූවාය.

මිර්සා ඉන්දීය ටෙනිස් ක්‍රීඩක මහේෂ් භූපති සමඟින් ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූරතා දෙකක් 2009 සහ 2012 වසරවලදී  ඇය දිනා ඇත.මිර්සා  නව යොවුන් වියේදී ටෙනිස් ක්‍රීඩා කිරීමට පටන් ගත් අතර,ඇය 2002 ආසියානු ක්‍රීඩා උළෙලේදී වයස අවුරුදු 15 දී ඇගේ පළමු ජ්‍යෙෂ්ඨ ශූරතාව ලබා ගත්තාය.ඇය 2003 දී WTA සංචාරයට ඇතුළු වූ අතර පසුව ලෝකයේ 27 වැනි වෘත්තීය මට්ටමේ ඉහළම කේවල ශ්‍රේණිගත කිරීම දක්වා ළඟා වූවාය.

එය තවමත් ඉන්දියානු  ටෙනිස් ක්‍රීඩිකාවක් වාර්තා කල ඉහළම ස්ථානයයි.හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ෂොයිබ් මලික් සමඟ ඇගේ විවාහය සිදු වූ අතර, මෙම යුවළට අවුරුදු තුනක පුතෙකු සිටී.2019 දී, ඇය වසර දෙකක මාතෘ විවේකයකින් පසුව  ටෙනිස් පිටිය වත නැවත පැමිණියාය.ඇයගේ ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල මිලියන 25කට ආසන්න අනුගාමිකයින් පිරිසක් සිටින අතර, මිර්සා ඉන්දියාවේ දක්ෂතම ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකි.ක්‍රිකට් ක්‍රීඩාවෙන් උමතු වූ රටක ටෙනිස් ක්‍රීඩා කිරීමට තරුණියන් පෙළඹවීම සම්බන්ධයෙන් ඇය කාන්තාවන් අතර,ගෞරවයට පාත්‍ර වී ඇත.

SAHAN HEWAGAMAGE OUTBOUNDTDOAY

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan